(ටී.කේ.ජී.කපිල)

සිම්බාබ්වේ හී දී පැවති සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපරාජිතව නිමා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (11) රාත්‍රීයේ පැමිණියහ .

ඔවුන් සිම්බාබ්වේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද රාත්‍රී 06.25ට පැමිණ තිබුණි. 

මේ සදහා ඔවුන්ට පැය 16 ක පමණ කාළයක් ගත වී තිබුණි .

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක මෙම කණ්ඩායම සමග පැමිණ සිටියේ නැත .