
(ටී.කේ.ජී.කපිල )
දකුණු අප්‍රිකාවේ මේ දින වල පැතිරෙමින් යන කොරෝනා නව විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැලැක්වීම සදහා, එම කළාපයේ රටවල් 06 ක සිට පසුගිය දින 14 ක කාළයක් රැදී සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් , එම කළාපයේ සිට පැමිණෙන ගුවන් සේවා සමාගම් වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේය .
දකුණු අප්‍රිකාව , බොස්ට්වානා , ලෙසතෝ , නැමීබියාව , සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය එම රටවල් 06 වේ .
ඒ අනුව මෙම මස නොවැම්බර් මස 28 දින සිට මෙම රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට නැවත දැනුම් දෙන තුරු මෙම ගුවන් ගමන් තහනම ක්‍රියාත්මක වෙන බව ද උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අප්‍රිකාව හූරන් කන්න හදන්නේ .. කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...