
(දයාරත්න ඇඹෝගම)
වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුර ඩී.එස්.සේනානායක වට ඉදිරිටදි උද්ඝෝෂණයක නිරතවුහ.
විරෝධතාකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට සිට කඩ 12 දක්වා විවිධ විරෝධතා පාඨ සහිත බැනර් හා පුවරු රැගෙන විවිධ සටන් පාඨ කියමින් ඩී.එස්.සේනානායක වට රවුම අසලට පැමිණ මාර්ගයේ බිම වාඩිවි උද්ඝෝෂණයේ නිරත වුහ.
මෙම හේතුව නිසා ගමනා ගමනයට දැඩි බාධා එල්ලවු අතර විකල්ප මාර්ග ඔස්සේ එම වාහන පිටත් කර යැවිමට පොලිසිය පියවර ගත්තේය.
වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලිම් කිහිපයක් මුලකර ගනිමින් සෙෘඛ්‍ය අංශවල වෘත්තිය සමිති 16 ක් ආරම්භ කර ඇති මෙම වර්ජනය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්යේ දුරබැහැර ප්‍රදේශවලින් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණි රෝගින් දැඩි අපහසුවට පත්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව මේ අයට ගහලා එළවනවා නම් ඉදිරිපත් වෙනවා නම් මම එකතු වෙනවා.. ජනතාවට කුලී හේවායෝත් හොයලා දෙනවා...
සේවයට වාර්තා නොකර වැඩ වර්ජනයේ නිරතව සිටින අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවල නිරත පිරිස අද දහවල් අනුරාධපුරයේදී උද්ඝෝෂණයක නිරත වූ සියලු දෙනාගේ දිනක වැටුප අඩුවනු ඇත.
අහිංසක රෝගීන් ඇපයට තියාගෙන ඉල්ලීම් දිනාගත්තත් මේ අය මැරෙන්න ඕනැ මහපාරේ...!!!