
(බී. ජී. චතුරංග)
දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
එම වැව් 22 රක්ෂිත මායිමි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනුම් කටයුතු දෙපාර්තමේන්තුව එක්ව තීරණයක් ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
අනුරාධපුර නුවර වැව වටා සිටින නිත්‍යානුකූල සහ අනවසර පදිංචිකරුවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර විධිමත් වාර්තාවක් සැකසිය යුතුයි.
එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මිනුම් කටයුතු කළ යුතුයි.
නුවර වැව මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරනු ලබන්නේ මායිම් ගල් දැමීම නොව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සලකුණ සහිත රක්ෂිත සලකුණු කිරීම පමණයි.
උතුරුමද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී.බී දිසානායක මහතා කියා සිටියේ නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහා ඇමති නිල නිවස , ආණ්ඩුකාර නිල නිවස හා අභිමන්සල යන ඉදිකිරීම් ප්‍රථමයෙන්ම ඉවත් කලයුතු බවයි.
ඉතිහාසයේ සිදු කරන ලද වැරදි නිවැරදි කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමට තිබෙන බවත් එම දේශපාලඥයන් සිදු කළ වැරදිවලට අනියමින් හෝ නිලධාරීන්ද හවුල් වී තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් හිටපු මැති ඇමැතිලා බොහෝ දෙනා රට ඔවුන්ගේ අම්මා අප්පාගේ බූදලේ ගාණට භුක්ති විඳලා තියෙන්නේ. මාලිමාව ආවේ නැතිනම් ඔය මුකුත් එළි වෙන්නේ නෑ.
අනිවාර්යයෙන් මේවා ඉවත් කළ යුතුයි.
පුද්ගලිකව, අනීතිකව ඉදිකරන ලද හෝටල්, නිවාස ඇතුළු සියළුම දේපළ සැණකින් රාජසන්තක කර සංචාරක ව්‍යාපාරයට යොදවන්න. රාජ්‍ය දේපළද සංචාරක ව්‍යාපාරයට යොදවන්න. සාමාන්‍ය මනුස්සයෙක් රක්ෂිතයකින් දරකෑල්ලක් ගත්තත් නඩුදාන රටේ, මෙවැනි අපරාධ කරනලද දේශපාලුවන් සහ නිලධාරීන් සියළුම දෙනාට දැඩිව නීතිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන්න...
රජයට පවරාගෙන රටේ සුබ සිද්ධියට වැඩ කරමු..
මෝල්ලු ටික එකතු වෙලා අර රජයේ සැප වාහන ටික විකුණා දැම්මා වගේ වැඩක් කරන්නයි සැළසුම....
හරි, ඉතින් නඩු දාලා ඉවත් කරන්න. බලය උපරිමයට තියෙනවානේ. හැබැයි එහෙම නොකලොත් එක්කෝ පචයක් නැත්නම් යටින් ඩීල් දැම්මා කියලා පිලිගන්නත් වෙනවා.
රජයේ ගොඩනැගිලි කියලා බලන්න එපා.. වැව් රක්ෂිතයේ ඉදිකරලා තිබෙනවා නම් කඩා ඉවත් කරගන්න. අනෙක් ඒවත් මිරිස්සේ, ගාල්ලේ ඩෝසර් කළා වගේ ඩෝසර් කරලා දමන්න, වැව් රක්ෂිත, මුහුදු වෙරළවල් වල ඉදිකිරීම් සිමා නිසිලෙස දමලා ලකුණු කරන්න.... ඔය වැරැදි කරපු නිලධාරීන් ඉන්නවා නම් චෝදනා ගොනුකරලා නඩු පවරලා සේවයෙන් ඉවත් කරලා දමන්න කටයුතු කරන්න..., අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ රජයේ නිලධාරියෝ රටේ ඉන්නවා... දූෂිත නිලධාරීන්ට දිගින් දිගට වැටුප සහ දීමනා ගෙවමින් තියන්න ඉන්න එක තේරුමක් නැහැ... අන්තිමට විශ්‍රාම වැටුපත් ගෙවන්න වෙනවා. අලුත් නිලධාරිනුත් නරක් වෙනවා. දූෂිතයින් සමග ඉන්න කොට...
කොරන්න අප්පේ කොරන්න. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ කෙරෙන්නේ නැහැනේ කියවනවා විතරයිනේ, දැන් දැන් අහලා ඇතිවෙලා, ඡන්දය දුන්නේ ඔය වෙනස කරනවා කීවාටනේ, කියවීමට පමණක්ම නොවේනේ...
එතකොට මේවා කරද්දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය කොහේද හිටියේ? හදනකම් පළාතේවත් ගිහින් නැහැ. තමන්ගේ වැවක් අසල ඉඩමක වැඩක් කරන්න නීතියට අනුකූලව කරන්න ගියාම රෙද්ද අතට අරන් එන්නේ පරිසරයයි, වාරිමාර්ගයයි. එයින් පස්සෙ ලක්ෂ ගණන් වියදම් කරගෙන රිපෝට්ස් දෙනවා. ඒ රිපෝට් හදන්නේත් ඒ මිස්සුන්ගේ අයමයි. මේ මාපියාව රජය සොයාබලා පියවර ගත යුතුයි.
ලන්කාවට ආසියවේ ආස්චර්‍ය පෙන්වලා තියෙනවා. ජනතාව රවට්ටලා බලයට ඇවිත්, අන්තිමට මහාපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරී මාන්ස හූරාගෙන කාපු බලලෝබි, බඩගෝස්තරවාදී දූශිත දේශපාලුවන්ට මොන සැපද?...
ඔය කියන නිලධාරීන් අදත් තවම ඉන්නවා. ඔවුන් එදා ඇහැ කණ පියාගෙන හිටියේ ඔවුන්ටත් ගණුදෙනුවක් ලැබුණු නිසා නේද? පළමුව දඬුවම් කළයුත්තේ ඔවුන්ටය. අනතුරුව අනවසර ඉදිකිරීම් වහාම රජයට පවරාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුයි. අදාල දේශපාලුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
ඕක කරන්න පුළුවන් නම්, එහෙම කලොත් වෙරළබඩ රක්ෂිතයේ මීටර් 100 සීමාව, ගංගා රක්ෂිතවල හදපු ඉදිකිරීම් ඉවත් කරන්න පුළුවන්, අලුතින්ම හදපු යෝධ හෝටල් කීපයකුත් කඩා දාන්න වෙනවා. ඉතින් පුළුවන් නම් කරලා පෙන්වන්න...
අපි කවුරුත් එකතුවෙලා උනන්දුවෙන් උද්යෝගයෙන් කියන කතා පාලකයෝ තඹේකට ගණන් ගන්නේ නෑ. බලා ඉඳිමු මේ රජයෙන්වත් වැඩක් වේද කියලා.
දේශපාලුවන්ට ප්‍රශ්නයක් නෑනේ. ජනතාවගේ බදු මුදල්, හොරා කාපු, කොමිස් ගහපු, සල්ලි. මේ සියලුම දේවල් රාජ සන්තක කළ යුතුමයි...
ඔය කියන නිලධාරීන් අදත් සේවයේ ඇති, ඔය නිලධාරීන් ඕවා කරන්නට අනුමැතිය දීලා තිබෙන්නේ හෝ අනුමැතියක් නොමැතිව ඕවා හදනකොට ඇස් පියාගෙන ඉඳලා තිබෙන්නේ පගාව හෝ යම්කිසි වරප්‍රසාදයක් ලබාගත් නිසා, ඕවා අස්සේ රජයේ ගොඩනැගිලි හදලා තිබෙන්නේ අවට තිබෙන අනවසර ඉදිකිරීම්වලට යම් නීත්‍යානුකූල භාවයක් දෙන්න. මේ නිලධාරීන් අත්අඩංගුවට ගන්න ප්‍රමාද මොකද? ආණ්ඩුව බලයට ආවේ මේවාට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියලා දැන්, කියවා කියවා ඉඳලා හරියන්නේ නැහැ...
අර රතු නූල් කට්ටඩි අම්මන්ඩිත් ජනප්‍රිය නලුවෙකුත් ඔය ජාතියේ හෝටලයක් හදලා තියෙනවා නේද?
රක්ෂිත තුළ ඉදිකර ඇතිනම් රජයට පවරාගෙන කළ අයට දඬුවම් ලබා දෙන්න. පෝෂක ප්‍රදේශයට වන බලපෑම හරියට තක්සේරු කර පමණක් ඉවත් කරන්න. හැකි නම් සංචාරක කර්මාන්තයට මේ ගොඩනැගිලි යොදා ගන්න. අභිමන්සල රණවිරුවන් උදෙසා සදා ඇතිනම් විනාශ කිරීමට පෙර නැවතත් සිතා බලන්න.
හෝටලයක් එක දවසකින් හංගලා හොරෙන් හදන්න පුළුවන්ද ? අඩුම තරමේ මධ්‍යයට පොලිසියට හොරෙන් හදන්න පුළුවන්ද ? මේ හැමෝගෙම ආශිර්වාදය ඇතිව තමයි මේ හැම දෙයක්ම උනේ. නමුත් මාලිමා ආණ්ඩුවට හැකිවුනා මේ හැම දෙයක්ම නවත්වන්න කියන්න කනගාටුයි තවමත් ඩොබිලා සේටි එක බයිලා කියනවා මේතන. ඕක තමයි ප්‍රශ්නය.
රටේ අවශ්‍ය ප්‍රමාණෙට වැඩිය සංචාරක හෝටල් තිබෙනවා. මේවා වසරේ වැඩි කාලයක් හිස්, නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ මේ වගේ නිසි කළමනාකාරිත්වයක් නොමැති කම නිසා 50% කට වැඩි ප්‍රමාණයක් අබලන්වෙලා , සමහර ඒවගේ පිරිසිදුකම ඉතා අඩුය. අපේ සංචාරක කර්මාන්තයට තිබෙන ප්‍රධානම වලින් එකක් පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම. රජයේ වුර්තිය පුහුණු වැඩපිළිවෙල ඉතා ළදරු මට්ටමේ තිබෙන්නේ. ගොඩනැගිලි වැනි භවුතික සම්පත් තිබුනට , සිලබස් එක අවුල් ,අදට ගැලපෙන ජාත්‍යන්තර තලයේ ශ්‍රමිකයන් පුහුණුවකට යන්න වෙනවා , එක කරන්න නම් පිටරටින් පළපුරුදු දක්ෂ විශේෂ දැනුමක් තිබෙන පුද්ගලයන් ගෙන්වා ගෙන අලුත් සිලබස් හදාගෙන අපේ ගුරුවරු පුහුණු කරගෙන ඉදිරියට යන්න ඕනේ මේක , සංචරක් ශේත්රයේ පමණක් නොව සෑම ශේත්රයක්ම තිබෙන බරපතල තත්වයක් , පුහුණු ශ්‍රමිකයන් නොමැතිකම නිසා විශාල අමුද්‍රව්‍ය , ශ්‍රමය , කාලය සහ මුදලක් නස්තිවෙනවා , ලංකාවේ දැනට වුර්තිය පුහුණු මධ්‍යස්ථාන පාලනය කරන මිනිස්සු ලින් මැඩියෝ වගේ හණමිටි අදහස් තිබෙන පිරිසක්.