(උපාලි ආනන්ද)
අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා තරයේ ප්‍රතික්ෂේප කළේය.
මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙකි.
රැකියා විරහිත උපාධිධාරීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් උතුරු මැද පළාත් සභාව සතු ඇතැම් දේපල වලට යම් යම් හානි සිදුවී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන්ව නොමැති බවට අධිකරණයට අවධාරණය කළ පොලිසිය සියලු සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා සිටියේය.
සැකකාර රැකියා විරහිත උපාධිධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ උපාධිය ලබාගෙන වසර ගණනාවක් ගත වුවද කිසිදු රැකියාවක් නොලැබීම හේතුවෙන් තම සේවාදායකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි අසරණභාවයට පත්ව සිටින බවයි. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කළා මිස තම සේවා දායකයින් කිසිදු කලහකාරී කටයුත්තකට සම්බන්ධ නොවූ බවද නීතිඥයෝ කියා සිටියහ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අ‘පුර විරෝධතාකරුවන්ට ඇප
අනුර කුමාර Monday, 06 May 2024 06:54 PM
උපාධිධාරීන්ට රස්සාවල් දෙන එක ආන්ඩුවේ වැඩක් නොවෙයි. ලොකේ කොහෙවත් නැති කෝලමක් මෙහේ ඉන්න දේශපාලුවෝ ඡන්ද ගන්න කළේ. එහෙනම් OL AL පාස් කට්ටියටත් රස්සාවල් දෙන්න එපායැ. එක වසරේ ඉඳලා විශ්ව විද්‍යාල වෙනකල් උගන්වලා, හොයා ගනිංකෝ රස්සාවල්... නැත්නම් ස්වයං රැකියාවක් හොයාගන්න. මහින්ද මහත්තයා උපාධිධාරී ලක්ෂයකට රස්සාවල් දීලා, ඒ කට්ටිය සමහරු නිකං පඩි කනවා. අහිංසක මිනිස්සු හම්බ කරන දෙයින් තමයි tax කපලා පඩි දෙන්න ඕනෑ. මහින්ද මහත්තයාට පස්සට ගහලා එලවලත් දැම්මා කරපු උදව්වට...!
රෝයි ෆෙඩ්රික්ස්Tuesday, 07 May 2024 04:28 AM
ආයුබෝවන් අප්පුහාමි! මුන්නැහේ තවම ඉන්නේ අර තණකොල කන 69 ලක්ෂයේ හරක් පට්ටියේ නේද? එතකොට ආණ්ඩුව උන්ගේ තනතුරු හදලදීලා මහජන මුදල් ගෙවන එක සාධාරණද?
Nimal Monday, 06 May 2024 07:43 PM
තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නගන මේ තරුණ තරුණියන්ට මගේ ආචාරය...
Lalla Monday, 06 May 2024 11:13 PM
නොමිලේ උපාධිය තෙක් අධ්‍යාපනය දීලා රටට බරක්වෙන විදියට රජයේ රැකියාවක් දෙන්න ඕනෑද? උපාධිය ගත්තු අය රජයේ රැකියාවලට ගන්න ඕනෑ කියලා කියන එකම රට ලංකාව විය හැකියි.. උපාධිධාරියකුගෙන් රට බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකත්වයයි. ඒත් අපේ කොලකෑලි උපාධිධාරීන් පෞද්ගලික ව්‍යවසායන්වල රැකියාවකටවත් යන්න කැමැති නෑ. හේතුව මහන්සි වී වැඩ කරන්න ඇති අකැමැත්ත සහ නොහැකියාව...