( බී.ජී. චතුරංග)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අසාධ්‍ය රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සිලින්ඩර, කාලයක සිට සොරකම් කර ඒවා අඩු මුදලට විකුණා , එම මුදලින් සූදු ක්‍රීඩාවේ නිරත වූ එම රෝහලේ ඔක්සිජන් සිලින්ඩර භාරව කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඔක්සිජන් සිලින්ඩර කාමරේ භාරව කටයුතු කළ 47 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති බවත්, ඊයේ ( 25දා) තලාව ප්‍රදේශයේ පුද්ගලයෙකු හට අඩි 4ක් උස ඔක්සිජන් සිලින්ඩර තුනක් රුපියල් 60,000 ක මුදලකට විකිණීමට යාමේදී, පොලිස් උපාය දූතයෙකු ලවා සැකකරු ඔක්සිජන් සිලින්ඩර තුනක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර අවස්ථාවකදීද ගංජා ජාවාරමක නිරත වී පොලිසියට අත්අඩංගුවට පත්ව වැඩ තහනමකට ලක්ව, නැවත සේවයේ පිහිට වූ අයෙකු බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (26දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අ’පුර රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් විකිණු අය මාට්ටු
Jay Wednesday, 26 July 2023 12:25 PM
වැඩ තහනම් කරන ලද පුද්ගලයෙකු නැවත සේවයේ පිහිටුවීම නොකළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ සියලුම රෝහල්වල සුළු කාර්ය මණ්ඩලයේ උවදුරකි. ඔහුගේ සේවය අවසන් කර ඔහුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කරන්න.