
(යොහාන් භාසුර)
අපනයන ඉපැයුම් දින 180 ක් තුළ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (11) නිකුත් කර තිබේ.
‘‘අපනයනය කරන ලද සියලුම භාණ්ඩ හෝ ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සියලුම සේවාවලට අදාල අපනයන ඉපැයීම් අදාල පරිදි භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවා සැපයූ දිනයේ සිට දින එකසිය අසූවක් (180) ඇතුළත අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුය" ලෙස කරුණු 16 ක් යටතේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට පිලියමක් ලෙස මෙලෙස අපනයන ආදායම් ඉක්මනින් ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නරකද මට්ටුවෙලා යන්නම ගැසට්ටුවක් ගැහුවා නම්?
යන්න කළින් ගනුදෙනු පියවන්න ඕනෑනේ...!!!
පිටරට ගැනුම්කරුවන් ඒ කාලේ තුළ ගෙවීම් කළේ නැතිනම් දේශීය අපනයන කරුවන් හිරේද?
ගැසට් ගහ ගහ... කමිටු පත්කර හිටියාම ඔක්කොම හරියයි...!!!
එතරම් හදිස්සියක් මොකද? කට්ටියට දියර කිරි ගෙන්නන්නද?