
(අංජුල මහික වීරරත්න)
අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනය කිරීමෙන් පමණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
බැංකු ප්‍රධානීන් සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (26) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉදිරි කාලය ඇතුළත දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඒ සදහා සූදානම් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටවල් හැත්තෑවක් පමණ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී තිබෙන බවත් දුෂ්කරම රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමු පෙළ සිටින බවත් වික්‍රමසිංහ මහතා කීවේය.
මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද දේශීය සහ විදේශීය බැංකු ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි වෙන්න ඕනේ.. මම හැමදාම කිව්වා මේක.. බඩු හදලා පිටරටවල් වලට විකුණන්න ඕනෑ. සරලම දේ ඒකයි.
ඔය පියවර ගන්න ඉස්සෙල්ලා ඔය අපනයන කියන වචනේ තේරුම කාගෙන් හරි අහලා දැන ගත්තා නම් හොඳයි නේද? ඔය එක එක්කෙනා ලියලා දෙන දේ කියවන්න ඉස්සෙල්ලා ...
කෝටි ප්‍රකෝටි ගණන් මුදල් යොදවන ව්‍යාපාර වලට පමණක් බී.ඕ.අයි. සහන නොදී සුළු අපනයන කරුවන්ටත් ඒ හා සමාන සහන ලබාදෙන්නේ නම් සුළු අපනයනකරුවන් දිරිමත් වෙනවා...
අත්තක් උඩ කුරුල්ලන් 3 දෙනෙක් සිටියා. ඉන් දෙදෙනෙක් පියෑඹීමට තීරණය කළෝය... ඉතුරු කීයද?
හැබැයි හම්බයින්ට ප්‍රතිඅපනයනය කරන්න දෙන්න එපා. දැක්කා නේද අපේ ගම්මිරිස් කර්මාන්තයට උන්දැලා කරපු දේ?
පේ පෑල් ක්‍රමය ලංකාවට ගේන්න.. ෆ්‍රී ලාන්සර්ස්ලාට ගොඩක් වටිනවා..