
(ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හේතුවෙන් හුදකලා වු නාඋල මොරගොල්ල හා ඕපල්ගල ගම්මාන දෙකේ පදිංචිකරුවන් එම ප්‍රදේශවලින් ඉවත් කරන්නැයි ගම්වාසිහු ඉල්ලීමක් කරති.
දිනෙන් දින වැඩිවන වන අලි ගැටළුව හේතුවෙන් සිය ජනජිවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ඔවුහු කියා සිටිති.
පසුගිය සමයේ දී වන අලි පහරදීම් හේතුවෙන් මිනිස් ජිවිත කිහිපයක්ම අහිමි වී ගියේය.
මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග හුදකලා වු ඕපල්ගල හා මොරගොල්ල ප්‍රදේශවාසින්ගේ ජන ජිවිතයට මෙන්ම වගාවන්වලට ද මේ වන විට වන අලිනගේ මෙන්ම මොණරුන්ගේ, රිළවුන්ගේ සහ දඩුලේණුන්ගේ හානි වැඩි වෙමින් පවතින බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.
මොරගහකන්ද ජලාශයේ ජලය රැස්වීමත් සමග යාබදව පිහිටි සිය ගම්මානවලට වන සතුන්ගේ පැමිණිම සිදුවන බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ කඩිනම් අවධානය යොමු වී වෙනත් සුදුසු ස්ථාන සිය ගම්වාසින්ට ලබාදෙන්නැයි ඕපල්ගල හා මොරගොල්ල ගම්වාසිහු ඉල්ලා සිටිති.

2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘අපට යන්න තැනක් හොයා දෙන්න‘‘
Perera Sunday, 24 December 2023 08:37 AM
මෙහෙම ප්‍රශ්න විසඳන්න බැරි අයට ඡන්දෙ දීලා ලබන පාරත් බලයට පත්කර ගමු.