
(අංජුල මහික වීරරත්න)
ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී අද (30) පැවසීය.
මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:-
මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රේණිධාරී විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා:-
මේ පනත සම්මත වුණොත් සමාජ ව්‍යසනයක් ඇතිවෙන්න නියමිතයි.මේ පනත සම්මත කළාට පස්සේ කොණ්ඩෙ බැඳලා පිරිමි ළමයෙක් පාසලට ආවොත්,පිරිමි ළමයෙක් කරාබු දාලා පාසලට ආවොත් ගැහැණු දරුවෙක් නහය විඳලා කරාබුවක් දාගෙන පාසලට ආවොත් අනුගමනය කළ හැකි පියවර මොනවාදැයි අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් මගින් දැනුම් දිය යුතුයි.එසේ නොකළොත් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලොකු අමාරුවක වැටෙනවා.ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල වශයෙන් නොමඟ යාමට ගොදුරු වෙන්න පුළුවන්.
ඒ සම්බන්ධයෙන් කොළඹදී පැවති තවත් මාධ්‍ය හමුවකදී රජය පාර්ශවයෙන් අදහස් දක්වමින් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා:-
ශාරීරික දඬුවම් කරන්න ඕන කියන එකක් නෑනේ.දඬුවම් කරන ක්‍රමවේද ඕන තරම් තියෙනවා.කොන්ඩේ වවාගෙන එනවා නම් කොණ්ඩේ කපන්න යන්න එපා. ඒක මාපියන්ට පවරන්න.දරුවන් යහමගට ගැනීමේ සැබෑ චේතනාවෙන් ගුරු විදුහල්පතිවරුන් කටයුතු කර තිබේ නම් මේ පනතින් ඔවුන්ට දඬුවම් දෙන්න හැකියාවක් නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ හාමුදුරුවන්ට ටීච් කරනවා කියන එක අනිත් දියුණු රටවල්වල කරන විධි ගැන දැනුවත් කරන්න ඕනේ.
අපේ හාමුදුරුවනේ ඔක්කෝටම ඉස්සෙල්ලා පොඩි කොල්ලෙක් පන්සලකට තනියෙන් යවන්න පුළුවන් වාතාවරනයක් පන්සලේ හදන්නකෝ… එහෙම තැන් අරක් අරන් ඉන්න ඔයගොල්ලෝද මේ අපිට උපදෙස් දෙන්නේ…?
උගන්නලා නිකං හිටියා නම් ඉවරනේ. මොකටද ගහන්නේ බනින්නේ...? උගන්නන්න දන්නැති, පරණ ඒවාම උගන්නන, පොරවල් තමා ප්‍රශ්නයක් ඇහුවමත් තද වෙන්නේ...
දසක ගණනාවක් ගහලා මට්ටු කරලා හදපු විනය දැන් රටේ අයගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. පරපීඩනයට හුරු වුණාම ඒක නැතිවම බැහැ කියලා හිතෙන්න ගන්නවා. සල්ලි තානාන්තර සැමටම එකසේ ගරු කරන මිනිසුන් ඇති රටක් හදන්න නම් ළමයෙකුට වුණත් ගරුත්වයෙන් සලකා, ප්‍රශ්න ප්‍රචණ්ඩත්වයෙන් තොරව විසඳිය හැකි බව ආදර්ශයෙන් ඔවුන්ට හුරු කළ යුතුයි.
මේවගේ අය නම් දරුවන් භාරව ඉන්නේ, දරුවන්ට දෙයියංගේම පහිටයි. යාවත්කාලීන නොවූ, යල්පැනගිය දඬුවම් හා තමන්ගේ බලය පෙන්වන්න මෙවැනි ගොබ්බයින් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන්ම පන්නා දාන්න ඕනේ.”
චාහ්.. අපිට අහිමි වුනා හැමවෙලේම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන ඒ උතුම් ගුරුතුමා.. දැන් එයා ඇමතිවරයෙක්.. මතකද අවුරුදු 20ක් පාසල් නොගිහින් හැමදේටම කොච්චර මහන්සි උනාද කියලා??? දැන් ප්‍රධාන භික්ෂුවක් ශිෂ්‍යයන්ට දඬුවම් කරන්න ඕනද?? මේ භික්ෂුව කියන්නේ විරෝධතාවය උගන්වන්නේ කිසියම් පාසලක් කියාද ?
ඔව්වා ප්‍රශ්නද? කොන්ඩේ වවාගෙන , කරාබු දාගෙන ආවොත් ගේට්ටුවෙන් ඇතුලට නොගෙන ඉන්න. ගහගත්තොත් ඊලඟ දවසේ දෙමව්පියන් සමග එන්න කියන්න
සමහර විට ඔබ වහන්සේටත් ඒක සිදුවෙන්නත් බැරි නෑ, කහින කැහිල්ල දැක්කම. කැස්ස සනීප සනීපකර ගත්තොත් ඔය ඔක්කොටම වැඩිය හොඳයි. කටින් විසබීජ පැතිරෙනවා වැඩියි. ලමයින්ටත් බෝවෙන්න පුලුවන්නෙ.
ඇමටි පනත කියෝලා නෑ... ඒකේ අනුව කිසිම අර්තකතනයක් එක්කරලා නෑ... අවමානයක් වූවායැයි ලමයින්ට ඕන දේකට ගුරුදෙමාප්යින්ට එරෙහිව කටයුතු කිරීමට පුලුවන්
අහෝ භික්ෂු සමාජයට ගිය කලක්, තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ගේ සාස්තෘන් වහන්සේ දේශනා කල ධර්මයට පටහැනිව කතා කරන වැඩ කරන සිවුරු රදවන මේවා.
ශාරීරික දඩුවම් පැමිණවීම ඉස්කෝලයක තබා හමුදාවකවත් සිද්ධ වෙන්නේ නැහැ දැන්. ශාරීරික දඩුවම් වෙනුවට ලබා දෙන්නේ කතාවක් පැවැත්වීම රචනාවක් ලිවීම. කරන ලද වරදී ආදීනව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් කිරීමට සැලැස්වීම.වගේ ළමයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වැදගත් වන ආකාරයේ දඩුවමක් පැමිණවීමයි. ස්වාමීන් වහන්ස හිරේ යන්න එපා, උගන්වන්නත් එපා. මට පේන්නේ ඔබ වහන්සේ ඉගැන්වීමට සුදුසු කෙනෙක්නෙමෙයි මහණදම් පුරාගෙන ඉන්න කරුණාකරලා.
මහින්ද ජයසිංහ වැන්නන් ආණ්ඩුවේ රෙදි සේදීම අරමුණු කොටගෙන සිදු කරන ප්‍රකාශ පිළිගන්නා ගුරුවරුන් තවමත් වෙත්නම් අනේ ඉතිං ලංකාවෙ දරුවන්ට දෙවියන්ගේම පිහිටයි!
හොඳම දෙය සිවුර දාගත්ත කාරණය මතක් කරගෙන පැත්තකට වෙලා බණක් භාවනාවක් කරගෙන ඉන්න එක... නැත්නම් ඉතින් චීවරය දරාගෙන හන්දි ගානේ ගිරිය යටින් කැගහගෙන අව්වේ කර වෙන්නේ නැතුව, සිවුරු ඇරලා සටන් කර කර ඉන්න එක...
දැන් මේ ක්‍රියාත්මක වන්නේ ඩයස්ලාගේ ප්‍රතිප්‍රත්ති අපේ හාමුදුරුවනේ . එතකොට මේ පැත්තේ ළමුන්ගේ විනය පිරිහිලා , ඉගෙනීම කඩාකප්පල් වෙනවා . ඩයස් ළමයි හොදට ඉගෙනගනියි . මෙයාලට බලය අරන් දුන්නේ ඩයස්ලානේ
සෙට් එකට ළමයිට ගහන්න තියෙන ආසාවක්
දෙකම ටික ටික කරන්න
හිරේටම වඩින්න, එතන ඔය දෙකටම කට්ටිය ඉන්නවා.
ඔබ වහන්සේට විකල්ප දෙකක් තියෙනවා. හිරේට යන්න ආරම්භ කරගෙන උගන්වන්නත් එහෙම නැතුව, හිරේට නොයන විදිහට අරමුණු කරගෙන උගන්වන්න මටත් පුළුවන්. තෝරා ගැනීම ඔබ වහන්සේ සතු අයිතියක්. චේතනම් භික්කවේ කියලා දම්ම පදය සිහියට ගත්තොත් හොඳයි.
ළමයින්ට පහර දීම වෙනුවට දෙන්න දඬුවම් තියෙන්න පුළුවන්. ඒක ඇත්ත. අපි හිතමු, පන්තියක සිසුන් දෙදෙනෙක් දරුණු රණ්ඩුවක. ගුරුවරයෙක් ගිහිල්ලා එක ළමයෙක් ඇදලා ඉවත් කරනවා ජීවිත හානියක් වීම වැළැක්වීමට... එතකොට ඇදලා දාපු ළමයා කිව්වොත් මාව තල්ලු කරා ඒකෙන් මට හානියක් වුණා කියලා, මේ කියනා සැබෑ චේතනාව නිර්වචනය වෙන්න අධිකරණයට යන්න වෙනවා නේද? එතකොට එතෙක් ඒ ගුරුවරයා වසර ගණනාවක් පොලිසි උසාවි ගානේ යන්න ඕනෑ නේද? රිමාන්ඩ් එකේ ඉන්නත් වෙයි නේද? ඒකට මොකද කරන්නේ?
යුද්දෙන් කරගන්න බැරිවුණාම වෙන ක්‍රමයකින් කරන්න යනවා උගුලෙන් බැරිනම් හබකෙන් න්‍යාය තමයි ඔය කියලා හිතෙනවා... 1994 ආණ්ඩුව පිහිටුවන්න කැලේ හිටපු විෂඝෝර සර්පයෝ ඔඩොක්කුවෙ දාගෙන හුරතල් කරපු කට්ටියත් ඉන් පස්සේ පාලකයෝත් මේ තත්වයට වගකිව යුතුයි. වත්මනේ තත්වයට නම් වත්මනේ විපක්ෂයේ ලොක්කාම තමයි වැරැදි කරු වෙන්නේ...
මේ පනතේ ප්‍රතිපලය තව අවුරුදු 2කින් බලමු. එදාට දෙමාපියන් මොකද කියන්නේ කියලා බලමු.
ඔව් දැන් ළමයින්ට ඕනෑ විදියට කැමැති විදියට පාසල් එන්න කියන්න. ලංකාවේ ළමයි සදාචාර විදියට හැදුනේ ඔය දඬුවම් නිසා. මොලේ තියෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා ඔය විදියට නීති සම්පාදනය කරලා තියෙන රටවල ළමයින්ගේ හැසිරීම කොහොමද කියලා. ගුරුවරුන්ට, සහෝදර සිසුන්ට තුවක්කු අරගෙන ඇවිත් වෙඩි තියනවා අපේ හාමුදුරුවනේ... ඉතිං ඒ රටවල් දියුණුයිලු. අපිටත් ඒවාද ඉල්ලන්නේ. ළමයි ඉන්න ඕනෑම දෙමව්පියෙක් කැමැතියි තමන්ගේ ළමයා චාරවත් විදියට හැදෙනවාට. ආතක් පාතක් නැති, ගෑනියෙක් දරුවෙක් නැති කෙනෙකුට මේවා අදාල නෑ. ඒ අය තමයි මේ පනතට කැමැති...
මේ පුද්ගලයා බුදුදහමටත් අපහාස කරනවා. අප්‍රසන්න කතා විලාශයක්...