IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපේ හමුදාව ලොව හොඳම හමුදාවක් කරනවා

 

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව ලෝකයේ ඉහලම වෘත්තීයභාවයක් සහිත හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අදාල පහසුකම් සැලසීම වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නිසි පරිදි යොදවන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (26) ජනාධිපති කාර්යාලයේ පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට එක් වෙමිනි. 

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදනවලින් එක් එක් අංශ විසින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳවද මෙහිදී විමසා බැලිණි. 

ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා ලබා දෙන විදෙස් පුහුණුවීම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර එම පුහුණුවීම් අනෙකුත් රාජ්‍ය අංශවල නිලධාරීන්ට ලබා දෙන පුහුණුවීම්වලට වඩා සුවිශේෂී බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

යුද සමයේ මියගිය සිවිල් ආරක්ෂක සාමාජිකයන්ගේ පවුල් වෙනුවෙන්ද, අනෙකුත් ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් වෙත ලබා දෙන වන්දි මුදල ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙන ලදී.

එමෙන්ම ශ්‍රීමත් ජෝන් කොතලාවල  ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල වෙනුවෙන් දැනටමත් රජය විශාල පිරිවැයක් දරන බැවින් ඉන් ලබා දෙන සේවාව තවදුරටත් වඩා කාර්යක්ෂම සහ ඵලදායීව මහජනතාව වෙත ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ඉදිකිරීම්, ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධන කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. 

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එච්.එස්. සම්පත් තුයියකොන්තා,  ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද,  ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (7)

අපේ හමුදාව ලොව හොඳම හමුදාවක් කරනවා

Samare Tuesday, 26 August 2025 08:44 PM

මේ මොන ගොන් කතාවක්ද? එතකොට 2009 වෙනකොට ලෝකයේ තිබුණු දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායමක් පරාජය කරේ ලෝකයේ හොඳම හමුදාවක් නොවෙයිද?

:       10       36

Gamini Tuesday, 26 August 2025 10:27 PM

මූ පච නේ කියන්නේ,

:       1       7

ගුණරත්න Tuesday, 26 August 2025 11:22 PM

සල්ලි පුච්චන වැඩ, හමුදා වෙනුවෙන් ඔය සල්ලි වියදම් කරන්නේ ඇයි , මේ කාලේ යුද්ධ කෙරෙන්නේ පාබල හමුදා දාලා නෙවෙයි, ඩ්‍රෝන යානා යවල. අනිත් එක අපේ රට වෙන කිසි රටක් එක්ක දේශ සීමාවක් බෙදාගන්නේ නැහැ, ඉතින් මොකටද හමුදා? වෙරළ මාර්ග වලින් එන මත්ද්‍රවය සහ හොරබඩු පාලනය කරන්න හොඳ වෙරළ ආරක්ෂක හමුදාවක් හිටියාම හොඳටම ඇති. එකටත් කලින් කිව්වා වගේ ඩ්‍රෝන යානාමගින් දුරස්ථ මාර්ග වලින් නිරීක්ෂණ කරන්න පුළුවන් නිසා මහා විසාල නැවු ගුවන් යානා එහෙම අවශ්‍ය නැහැ.

:       6       2

අරුණි Wednesday, 27 August 2025 12:14 AM

මන්ත්‍රී අර්චුනා තමයි මේවාට හොඳින්ම උත්තර දෙන්නේ. "ඕගොල්ලන්ගේ ජනාධිපති දකුනේදී එකක් කියනවා, උතුරේ ජනතාවට තවත් දෙයක් කියනවා' කියලා..

:       1       6

තර්ස්ත මාෂල් Wednesday, 27 August 2025 08:48 AM

එකක් නෙමේ, එක වර ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් මෙල්ල කරන්න වුනානේ . ඇත්තටම නවීන ආයුද නැතුව , පරණ ආයුද වලින් ඔවුන් මේ යුද්දය මැඩ පැවැත්තුවේ . ත්‍රස්තවාදීන්ට එරෙහිව , සිවිල් යුද්දයේදී රට බේරගන්න දිවි පිදු, සියලු සාමාජිකයන්ට අමා මහා නිවන් සුව පතමි !

:       0       6

දිමුත් Wednesday, 27 August 2025 09:54 AM

ජෝන් කොතලාවල රෝහලේ අනෙකුත් රජයේ රෝහල්වලට සාපේක්ෂව විශේෂඥ වෛද්‍යවරු අඩුයි. භෞතික පහසුකම් වගේම ඒවයින් ප්‍රයෝජන ගන්න පුහුණු මානව සම්පතත් අවශ්‍යයි.

:       0       3

Asanga Wednesday, 27 August 2025 10:14 AM

අනේ මන්දා මෙයා මොනවා කියවනවද කියලා ඒක දැන් කරන්න දෙයක් නැත යුද්දය තිබුන කාලේ ඉදලා අපේ වීරෝදාර හමුදාව ලොව ප්‍රතමයා වෙලා ඉවරයි. මේගොලන්ට අපේ හමුදාවට වීරොධාර කියන වචනය කියන්න බැරිය. දැන් ජනතාවට පෙනෙන්නට බොරුවට බයිලා ගහනවා

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site