(අංජුල මහික වීරරත්න)
රට හදන වැඩ සටහන ඉදිරිපත් කළ පසු අමෙරිකාව ඇතුළු රවටල් ලංකාවට උදව් කිරීමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අමාත්‍ය මණ්ඩලයද එකතු කරගනිමින් එම රට හදන වැඩසටහන සකස් කරගෙන යන බව කී අග්‍රාමාත්‍යවරයා ඉදිරි සති දෙක තුන ඇතුළත එම වැඩසටහන ඉදිරිපත් කළ හැකි බව ද කීය.
මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා පැවසූයේ කඩා වැටෙන ආර්ථිකය 2023 වසරේදී ගොඩ ගෙන 2024 සහ 2025 වන විට යළි රට ඉහළට ඔසවා තැබීමට විදේශ ආධාර අවශ්‍ය බවයි.
රට ගොඩනැගීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති වැඩසටහන පසුගිය දිනවල සාකච්ඡා පැවත්වූ රටවල් වලින් පිළි ගෙන ඇති බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කරන ගෙවතු වගා වැඩසටහන් වලටද ආණ්ඩුව සම්පූර්ණයෙන් සහයෝගය දෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
දැනට රජයේ සංස්ථා සියල්ල පාඩු ලබන බැවින් ඉන් එකක් වත් පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක පවතින බව කී අගමැතිවරයා තමන්ගේ වැඩ පිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක් කිසිවකුට හෝ ඇත්නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අපේ වැඩ බලා විදෙස් රටවල් උදව් කරයි
fairoos Wednesday, 29 June 2022 12:08 PM
නිකන් කල් මරනවා විතරයි.. ආපු දා ඉඳන් සති 2ක් කියලා තමයි කියන්නේ... අනිත් රටවල් වලින් උදව් ගන්න නම් නන්දසේන ඉවත්විය යුතුයි.
sam Wednesday, 29 June 2022 12:53 PM
ඔව්, ඔව්... කරලා තියෙන හරිය තමයි මේ ජනතාව දුක් විඳින්නේ... පවුල් පිටින්ම හෙණ ගහන්න ඕනේ...
mahinda Wednesday, 29 June 2022 01:24 PM
රවී කරුණානායකටයි, අර්ජුන් මහේද්‍රන්ටයි, වජිර අබේවර්ධනටයි බාරදෙමු.