IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා

(අංජුල මහික වීරරත්න)

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.


ජාතික ජන බලවේගය සභා එකසිය පනස් දෙකක් ආරම්භයේදීම පිහිටුවන අතර ඉතුරු සභා එකසිය පහළොව පිහිටුවන දවසේ දී පිහිටුවන බව ජනාධිපතිවරයා කීය.

ජනවරමට අනුව වැඩ කරන්න  බැඳී සිටින බව කී ජනාධිපතිවරයා කවුරුන් හෝ ජනවරමට එරෙහිව කටයුතු කරනවා නම් ව්‍යවස්ථාව ,නීතිය, දේශපාලනය යන ඔක්කොගෙන්ම වැඩ කරන්න ලෑස්ති බවද කීය.

"සභා හදලා පුළුවන් නම් මාස තුන හතරක් යන්න අපි කියන්නේ එච්චරයි.දන්නවනේ, නීති මදි නම් තුනෙන් දෙකක් තියෙනවා හොඳේ, යනුවෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ  60 වැනි සංවත්සර උත්සවය අමතමින් ජනාධිපතිවරයා කීය.



අදහස් (9)

අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා

Perera Thursday, 15 May 2025 04:41 AM

සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මුල් වරට බලය ගත් විට කළා වගේ විපක්ෂය සහමුලිනින්ම සිරගත කළ යුතුයි. නැත්නම් මේ රට ගොඩ ගන්න බෑ.

:       2       0

Jagath Leanage Thursday, 15 May 2025 06:36 AM

ඇත්ද අහගත්තා ? අන්ත පරාදවෙලා ඉන්නවා . හොරකම් කරළ, අනාතවෙලා ඉන්න අස්සේ මෙතන එනවා බලය පිහිටුවන්නත් .

:       1       0

Sanath Thursday, 15 May 2025 10:45 AM

කිසි කෙනෙක් කතා නොකරන දෙයක් තියෙනවා. විපක්‍ෂයට බොහෝ තැන් වල ආසන ලැබී තියෙන්නේ ලිස්ට් එකෙන් පමණයි. 25% 25% කෝටා එක නිසා මේ මන්ත්‍රී ධූර වලට පත් වෙන්නේ තරුණයන් හා කාන්තාවන් පමණයි. නගරාධිපතිකම් සභාපතිකම් ගන්න බලා ගෙන ඉන්න අයට අවස්තාව ලැබෙන්නේ නෑ.

:       3       2

idr tharanga Thursday, 15 May 2025 10:50 AM

මතකනේ සීය කියපු කතාව. චන්ද තියන්න සල්ලි නෑ. සල්ලි තබ්බත් තියන්න චන්ද නෑ. ඒ වගේ තමා.

:       3       3

Kamal Koyrala Thursday, 15 May 2025 11:19 AM

සභා හදන කොට ඩෙංගු මරණ අනුපාතය ඉහල ගිහින් , පස්සේ කියන්න ඕන පසුගිය ආණ්ඩුවලින් ඩෙංගු මදුරුවෝ බෝකරලා කියලා

:       1       13

Gamini Thursday, 15 May 2025 11:38 AM

කයිතන්

:       4       16

Edward Thursday, 15 May 2025 01:50 PM

වැඩිම බලයෙන් පත්වූ සභාවල පාලනය ආරම්භකර වැඩ පෙන්වන්න .වැට උඩ තියෙන ඒවාට කෙල නොහලා ඔබේ ඒවායේ සාර්තකත්වය පෙන්වා එම සාර්තකත්වය ගන්න කියල විපක්ෂයේ ආයතනවලට අභියෝග කරන්න (හැබැයි මුදල් වෙන්කිරීම සාධාරණව කරන්න )

:       0       1

so sad Thursday, 15 May 2025 03:10 PM

සමහර පොරවල් රෑට කනත්තක් ඉස්සරහින් යද්දීත් ඔය වගේ කිය කිය තමයි යන්නේ. අනේ කයියානායක

:       0       1

PGPTHILAK Thursday, 15 May 2025 08:09 PM

මාලිමාවට ඡන්ද අඩුවෙන්න ප්‍රධාන හේතුවක් තමා මාලිමාවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට යන එක විතරයි කරන්නෙ!! පුරවැසියන්ගෙ ප්‍රශ්න විසඳන්න කිසිම මැදිහත්වීමක් කරන්නෙ නෑ!! රජයේ නිලධාරීන් පොලීසිය ඉස්පිරිතාල වල අය ඒ අයගෙ හිතවතුන්ට සලකනවා! අහිංසක පුරවැසියන් රස්තියාදු කරවනවා! දැන්වත් කතා නවත්වලා මහජන සම්බන්ධතා කාර්යාල පිහිටුවා පුරවැසියන්ගේ ප්‍රශ්න විසඳන්න ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්න!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 24792 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18143 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10859 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 579 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 172 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 833 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site