IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අපේ ඇඟළුම් හලක් කෙන්යාවේ

( තිළිණි ද සිල්වා )

අප රටට වාර්ෂිකව ඩොලර් මිලියන 130 ක ආදායමක්  ලබා දෙන ශ්‍රී ලාංකීය ඇගලුම් කම්හලක් වූ කෙන්යාවේ පවත්වාගෙන යන බව කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එමගින් ශ්‍රී ලාංකිකයින් 64 දෙනකුට සහ කෙන්යාවේ වැසියන් 4,600 කට රැකියා උත්පාදනය වී ඇතැයි කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සීටි.

හෙළ ක්ලෝතින් නම් එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ආයෝජකයන් හා එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මහතා අතර හමුවක් ඉකුත් දා පැවැති අතර එහිදී මේ බව හෙලි විණි.

නයිරෝබි නුවර පිහිටි හෙළ ක්ලෝතින් ඇඟළුම් කර්මාන්ත ශාලාවට ගිය මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් එහි කළමනාකාර අධ්‍යක්ෂ දිලංක ජිනදාස මහතා, නිෂ්පාදන ඒකක වටා කැඳවාගෙන යමින් කෙන්යාවේ ඔවුන්ගේ ආයෝජනවල පැතිකඩ සහ ක්‍රියාකාරිත්වය පිළිබඳව විස්තර කළේය.

තම සමාගම මෝස්තර නිර්මාණයේ සිට බෙදා හැරීම දක්වා ගෝලීය වෙළඳ නාම සමඟ සමීපව කටයුතු කරන බවත්, හරිත මූලාරම්භයන්, නවෝත්පාදන ව්‍යාපාරික විසඳුම් සහ සදාචාරාත්මක හා තිරසාර සේවා පරිසරයන් හේතුවෙන් අප්‍රිකාවේ නමක් දිනාගෙන සිටින බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.

මෙරටට විදේශ විනිමය ආදායමක් උත්පාදනය කරන බාහිර ආයෝජන සඳහා, ශ්‍රී ලංකාව විසින් ද සහයෝගය දැක්විය යුතු බව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. කෙන්යාවේ දී ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපාරික කටයුතු පුළුල් වීමත් සමඟම නැවත ශ්‍රී ලංකාව වෙත එවනු ලබන ආදායම ද ඉහළ යන බව ඔහු පැවසීය.

 



අදහස් (12)

අපේ ඇඟළුම් හලක් කෙන්යාවේ

sunil gikiyanage Friday, 03 September 2021 10:48 AM

දැන් ලන්කාවේ සමහරු කල්පනා කරනවා ඇති මෙකෙන් කොමිස් ඒකක් ගන්න ක්‍රමයක් ඇත්තෙම නැතිද කියල.

:       4       35

magodis Friday, 03 September 2021 12:56 PM

ඇයි? අපේ රටේ ඉඩ නැතිවද? නැත්තන් රැකියාවල් හොයන තරුණ තරුණියෝ නැතුවද? අපි දන්නවා මොනවද මේ ව්‍යාපාර පිටුපස සිද්ද වෙන්නේ කියලා...!

:       42       13

PereraSaturday, 04 September 2021 03:41 AM

එහෙම ව්‍යාපාර ආරම්භ කරන්න අන්තිමට කවද්ද පිට රට අය ලංකාවට ආවේ.?

:       0       0

anuraSaturday, 04 September 2021 09:30 AM

අපේ රටේ ව්‍යාපාර කරන දේශපාලනයකුට මුදල් දෙනන ඔනි මිලියන 300 අවම චීනයේ ආයතනයක් සහ මොනෑෂ් ආයතනයට

:       0       0

Prabath Friday, 03 September 2021 04:20 PM

එතකොට, මගෝඩිස් අනික් රටවල කොම්පැනි මෙහේ ඇවිත් ඒ අයගෙ ෆැක්ටරි දාන්නෙ ඒ රටවල, සේවක සේවිකාවන් නැති නිසාද. ඔය වාගේ අය ඉදලත් මෙහෙම හරි රට, තියෙනවා කියන්නෙත් ලොකු දෙයක්.

:       0       24

Nihal Friday, 03 September 2021 05:52 PM

ඇයි ඉතියෝපියාවේත් ලංකාවේ ආයතනයකින් කරන මේ වගේම එකක් තියෙනවා.. හැවෑස් වල... ඒවා ගැනත් විස්තර දාන්න කට්ටියට දැනගන්න..

:       0       14

Nimal Saturday, 04 September 2021 02:41 AM

චිනය යටතේ පාලනය වන ආයතනයක් තියෙනවා ඒකෙ නම ශ්‍රී ලංකාව.

:       0       3

sam Saturday, 04 September 2021 05:27 AM

අපරාදේ මේක ගැන හෙළිකළේ දැන් දේශපාලුවෝ මේක චීනෙට විකුනන්න පුලුවන්ද කියලා හොයලා බලයි.

:       0       1

ranjith Saturday, 04 September 2021 05:49 AM

ඔන්න පේනවා නේද මේවා තමා නියම විදේශ ආයෝජන මිලින 130 අවුරුදු පත රටට ගේනවා.

:       0       0

HMM chandika Saturday, 04 September 2021 06:17 AM

ගොඩක් හොඳයි. මාත් ආසයි කෙන්යාවේ එන්න. හෙල්ප් කරන්නකෝ දුප්පත් අපට.

:       0       2

janabala asamagi Saturday, 04 September 2021 09:34 AM

ලංකාවේ ආයතන එක්සත් අරාබියේ තියෙනවා.

:       0       0

ලලිත් Saturday, 04 September 2021 10:23 AM

හොදයි පරිස්සමෙන් ඔකටත් වැඩේ දෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17685 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 732 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site