IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අනුරාධපුර පාදෙණිය මාර්ගය වහයි

(සජිවා කෝට්ටගොඩ සහ රවීන්ද්‍ර නෙත්තසිංහ)

දැදුරු ඔය ද්‍රෝණියේ  ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇද හැලෙමින් පවතින වර්ෂාපතන තත්වය හේතුවෙන් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 අඩි 11 බැගින් විවෘත කර ඉන් තත්පරයට ඝන අඩි 60600 ක ජලධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරෙන බව වාරියපොල  ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි. 

දැදුරු ඔය ජලාශයෙන් දැදුරු ඔයට ජලය මුදා හැරීම නිසා  පහළ ප්‍රදේශවල  අධි ගංවතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මේ හේතුවෙන්  වාරියපොළ, නිකවැරටිය, මහව,කොබෙයිගනේ, රස්නායකපුර ,බිංගිරිය, පල්ලම ,හලාවත, ආරච්චිකට්ටුව යන  ප්‍රාදේශීය  ලේකම් බල ප්‍රදේශවලට ආපදා තත්වය පිළිබදව  අනතුරු අඟවා තිබේ.

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා  අනුරාධපුර පාදෙණිය මාර්ගය ඇල්ල පාලම ආසන්නයෙන් කිලෝමීටරයකට ආසන්න  ප්‍රමාණයක් අඩි අටකට ආසන්නව යටව ඇති අතර  එම මාර්ගයේ  ගමනාගමනයට  බාධා එල්ල වී ඇත.

අනුරාධපුර පාදෙණිය මාර්ගය ඊයේ (27)රාත්‍රී 12.00 සිට වසා දැමීමට කටයුතු කර තිබුණි. මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා කුරුණෑගල සිට පැමිණෙන රථ වාහන පාදෙණිය හන්දියේ  සිට නිකවැරටිය දක්වා ගමන් කර දළදාගම හන්දිය හරහා අනුරාධපුරය දෙසට යැවීමටත් අනුරාධපුර දෙස සිට  පැමිණෙන රථ වාහන දළදාගම හන්දියේ සිට නිකවැරටිය හරහා කුරුණෑගල දෙසට යැවීමටත් පොලිසිය  රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කර තිබේ. 

දැදුරු ඔය  ජලාශයේ වාන් දොරට විවෘත කිරීම නිසා   මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 21 ක  පුද්ගලයින් 81 ක්  සඳහා සහන සැලසීම සඳහා සහන කදවුරක් ආරම්භ කිරීමට කටයුතු කළ බව මහව ප්‍රාදේශීය ලේකම් බී .එම්. නදුන් ආර්. සම්පත් මහතා පැවසීය.

ඡායාරූප -  එස්.බී.බණ්ඩාර



අදහස් (0)

අනුරාධපුර පාදෙණිය මාර්ගය වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 235 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site