(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
" හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු යැයි අමාත්‍යවරයා පැවසීය.
13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැතැයි ද රණතුංග මහතා කීය .
මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සර කර ගන්න හොඳ නැතැයිද ඔහු කීවේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර ජනපති වුනොත් කප්පම් කාරයා හිරේ ඉතින්...!
තමුන්නාන්සේ මෙච්චරකල් අඟහරු ලෝකයේද දේශපාලනය කළේ? තමුන්නාන්සේලාගේ දැන් ඉන්න නායකයත් අවුරුදු හතලිස් ගාණක් තිස්සේ දෙශපාලනයේ ඉඳලාත් හැමදාම රෑට රෑට දැකපු හීනයක් තමයි ඔබලා වැනි වහල්ලු නිසා සපථ කර ගත්තේ. ඔබලා වැනි වහල් මංකොල්ල කාරයින් නොහිටින්න අදටත් රනිල් රාජපක්ෂට හිනයක් තමයි. මඩ ගැහිල්ලේ සීමාවක් තියාගන්න... රණතුංග පවුලේ නමත් කෑවා...
අනුරට ජනපති වීම හීනයක් නම් නැහැ. අනුරට තියන බලාපොරුත්තුව නම්, මේ රට ණය බරෙන් බේරලා, රටේ ජනතාව ණය බරෙන් තොරව සතුටින් ජීවත් කරවීම, රටේ සම්පත් තුට්ටුවට විකුනීම නවත්තන්න සහ විශේෂයන්ම කප්පම් ඇතුළු දුෂණ වංචා හොරකම් සම්පූර්නයෙන්ම නැත්තටම නැති කිරීමේ අභියෝගය තමා. කප්පම් දුෂණ වංචා නැති කරන්න ඔයා කොහොමටත් කැමති නැති බව කොව්රුත් දන්නවා.
අනුරට ඒක හීනයක්නම් ඔබතුමාලා මොකටද කලබල වෙන්නේ. ගනන් ගන්නේ නැතුව ඉන්නකෝ.
අනුරට මොකක් වෙතත්, ඔහේට නම් ආයෙමත් මන්ත්‍රීකම් කරලා කප්පම් ගහන්නයි, කප්පම් නඩුවලින් බේරෙන්නයි නම් බැරිවෙයි. අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව තමන්ගේ යන එන මං හොයාගන්න. හරි අවංක මහජන සේවකයින්...
හොද හොද හීන එළිවෙන ජාමෙට කියනවනෙ මැතිතුමා. බලන් ඉමුකො අපි. එහෙම උනොත් හැබැයි ඕගොල්ලන්ගේ නරක හීනයක් වෙයි ඒක.
අද රටේ උදාවෙලා තියෙන තත්වයේ හැටි බලනකොට ‘‘සජිත්ට‘‘ විතරක් නෙවෙයි, මටත් ජනාධිපති වෙන්න පුළුවන් කාලයකුයි උදාවෙලා තියෙන්නේ... ඒ නිසා ඊළඟ මැතිවරණය වෙනකන් ඔය කක්කුස්සි කට වහගෙන හිටියා නම් නේද හොඳ?
මෙයාට හිරේ ඉන්න හීන පෙනෙන්න අරගෙනද කොහෙද?
අපේ ජනපති ඔබයි මැතිදුනි ප්‍රසන්න, ඔබට ජයවේවා කප්පන් ජනපති
දැන්නම් කට්ටිය හොන්ඩටම බයවෙල වගෙ.. ජා . ජ. වේ ට ජයවේවා
ජජබ සහ අනුර කුමාරට ජයවේවා...!