IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘අනුරට ජනපති වීම හීනයක්‘

(අංජුල මහික වීරරත්න)

අනුර කුමාර දැනටමත් ජනාධිපති ඇඳුම ඇඳගෙන ෆේස්බුක් එකෙන් ජනාධිපති වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

" හීන දැක්කට කවදාවත් මිනිස්සුන්ගේ හදවතේ ජනාධිපති වෙන්න එයාට බැහැ.ඒක නිසා අනුර කුමාරට දිගටම ඒ හීනයේ ඉන්න කියමු. අපි මහපොළවේ වැඩ ටික කරල මේ රට ගොඩගනිමු යැයි අමාත්‍යවරයා පැවසීය.

13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ක්‍රියාත්මක කර අවසන් බැවින් අලුතින් ක්‍රියාත්මක කරන්න දෙයක් නැතැයි ද  රණතුංග මහතා කීය .

මේ වනවිටත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරියද ප්‍රකාශකර ඇති බැවින් තවදුරටත් ඒ සම්බන්ධයෙන් කතා කර වචන ඉස්සර කර ගන්න හොඳ නැතැයිද ඔහු කීවේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ මෙහෙයුම් කමිටුව සමඟ කොළඹදී  සාකච්ඡාවකට එක්වෙමිනි.

 

 



අදහස් (15)

‘අනුරට ජනපති වීම හීනයක්‘

nalin Wednesday, 08 February 2023 12:18 PM

අනුර ජනපති වුනොත් කප්පම් කාරයා හිරේ ඉතින්...! 

:       9       47

Mendis BoossaWednesday, 08 February 2023 06:24 PM

ඔහුගේ හීන වල, අනුර හිතන්නේ ඊළඟ ජනපති ඔහු කියලා...!

:       1       0

සේනක ඉතාලිය Wednesday, 08 February 2023 12:23 PM

තමුන්නාන්සේ මෙච්චරකල් අඟහරු ලෝකයේද දේශපාලනය කළේ? තමුන්නාන්සේලාගේ දැන් ඉන්න නායකයත් අවුරුදු හතලිස් ගාණක් තිස්සේ දෙශපාලනයේ ඉඳලාත් හැමදාම රෑට රෑට දැකපු හීනයක් තමයි ඔබලා වැනි වහල්ලු නිසා සපථ කර ගත්තේ. ඔබලා වැනි වහල් මංකොල්ල කාරයින් නොහිටින්න අදටත් රනිල් රාජපක්ෂට හිනයක් තමයි. මඩ ගැහිල්ලේ සීමාවක් තියාගන්න... රණතුංග පවුලේ නමත් කෑවා...

:       7       48

sharm warnWednesday, 08 February 2023 02:11 PM

රනතුංග පවුලෙ අමුතු නමක් නෑ.. මෙ තමයි උපන්ගෙයි හැටි. . මොකක් උනත් මෙ වගෙ නින්දිත පාදඩයන්ට තමුන්නාන්සෙ කියන්නෙ ඇයි? දැන් වත් එ පුරුදෙන් මිදෙන්න..

:       5       28

Hafeel Wednesday, 08 February 2023 03:17 PM

ඔහුට තමුන්නාන්සේ කියල ආමන්ත්‍රණය කරන්න එපා. එහම කියන්න තරමට ඔහු වටින්න නැහැ.

:       3       19

Hafeel Wednesday, 08 February 2023 12:37 PM

අනුරට ජනපති වීම හීනයක් නම් නැහැ. අනුරට තියන බලාපොරුත්තුව නම්, මේ රට ණය බරෙන් බේරලා, රටේ ජනතාව ණය බරෙන් තොරව සතුටින් ජීවත් කරවීම, රටේ සම්පත් තුට්ටුවට විකුනීම නවත්තන්න සහ විශේෂයන්ම කප්පම් ඇතුළු දුෂණ වංචා හොරකම් සම්පූර්නයෙන්ම නැත්තටම නැති කිරීමේ අභියෝගය තමා. කප්පම් දුෂණ වංචා නැති කරන්න ඔයා කොහොමටත් කැමති නැති බව කොව්රුත් දන්නවා.

:       3       21

Nalaka Wednesday, 08 February 2023 12:44 PM

අනුරට ඒක හීනයක්නම් ඔබතුමාලා මොකටද කලබල වෙන්නේ. ගනන් ගන්නේ නැතුව ඉන්නකෝ.

:       1       22

sharm warn Wednesday, 08 February 2023 12:57 PM

අනුරට මොකක් වෙතත්, ඔහේට නම් ආයෙමත් මන්ත්‍රීකම් කරලා කප්පම් ගහන්නයි, කප්පම් නඩුවලින් බේරෙන්නයි නම් බැරිවෙයි. අනුන්ගේ මගුල් හොයන්නේ නැතිව තමන්ගේ යන එන මං හොයාගන්න. හරි අවංක මහජන සේවකයින්...

:       2       33

srinath Wednesday, 08 February 2023 01:05 PM

හොද හොද හීන එළිවෙන ජාමෙට කියනවනෙ මැතිතුමා. බලන් ඉමුකො අපි. එහෙම උනොත් හැබැයි ඕගොල්ලන්ගේ නරක හීනයක් වෙයි ඒක.

:       1       32

podiekaa Wednesday, 08 February 2023 01:59 PM

අද රටේ උදාවෙලා තියෙන තත්වයේ හැටි බලනකොට ‘‘සජිත්ට‘‘ විතරක් නෙවෙයි, මටත් ජනාධිපති වෙන්න පුළුවන් කාලයකුයි උදාවෙලා තියෙන්නේ... ඒ නිසා ඊළඟ මැතිවරණය වෙනකන් ඔය කක්කුස්සි කට වහගෙන හිටියා නම් නේද හොඳ?

:       1       21

තෙපානිස්Wednesday, 08 February 2023 04:28 PM

කක්කුස්සිකටා ! හරියටම හරි !

:       1       12

Perera Wednesday, 08 February 2023 03:03 PM

මෙයාට හිරේ ඉන්න හීන පෙනෙන්න අරගෙනද කොහෙද?

:       0       14

manoj Wednesday, 08 February 2023 03:46 PM

අපේ ජනපති ඔබයි මැතිදුනි ප්‍රසන්න, ඔබට ජයවේවා කප්පන් ජනපති

:       0       15

fairoos Wednesday, 08 February 2023 04:41 PM

දැන්නම් කට්ටිය හොන්ඩටම බයවෙල වගෙ.. ජා . ජ. වේ ට ජයවේවා

:       0       15

දාස Wednesday, 08 February 2023 06:31 PM

ජජබ සහ අනුර කුමාරට ජයවේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site