(සුජිත් හේවාජුලිගේ )
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක කියන බූරු කතාවට තමා එකඟ නැති බවත් වර්තමාන පාර්ලිමේන්තුවේ එක බූරුවකුවත් කොටළුවකුවත් නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
වැඩිම උගතුන් පිරිසක් සිටින පාලිමේන්තුව මෙය බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම බූරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශයක් කර ඇති හෙයින් ඒ ප්‍රකාශය සමග ඔහුද බූරුවකුවී සිටින බව පෙනී යන්නේ යැයි හිටපු අමාත්‍යවරයා කීවේය .
අනුර කුමාර බූරුවකු යැයි තමා කිසිසේත්ම විශ්වාස නොකරන බව පැවසූ දිසානායක මහතා ඔහු බූරුවකු ලෙස හඳුන්වා ගන්නේ නම් ඒ බූරුවා කියන දේවල් ඇසීමට සුදානම් නැතැයිද සඳහන් කළේය.
ඔහු තම කැමැත්තෙන්ම බූරුවෙකු ලෙස හඳුන්වා ගත්තට තමාට කරන්නට දෙයක් නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් මෙච්චර කාලෙකට කිව්වේ බූරු කතා තමයි. අර ෆයිල් ටිකක් උස්සන් ඇවිත් රඟපෑවේ. ඕවා cid එකට දෙන්න තිබුණේම නැද්ද?
ඔය අපත ජෙප්පන් නියම බූරුවන් නෙමෙයි... හාරත බූරුවන්...!
එහෙම නම්, වැඩිම උගතුන් පිරිසක් සිටින මෙම පාර්ලිමේන්තුව තමයි අද ජනතාව පාරට ඇදලා දාලා පෝලීම් යුගයට තල්ලු කළේත්. ඒකත් තුනෙන් දෙක සහිත විස්සත් සම්මත කරපු පාර්ලිමේන්තුවට වෙච්චි ඉරණම...
කිසිම දේශපාලුවෙකුගේ කයිවාරුවලින් වැඩක් නෑ. ඒ සංස්කෘතියට මැයි 9 වෙනිදායින් පස්සේ තිත තියලා තියෙන්නේ...
අනුර කුමාර, විමලවීර වගේ කෙනෙක් නොවන නිසා ඔය වගේ කතාවක් නම් කියලා නැතිව ඇති... ඒක දැකලා සමහරුන් තප්පුලනවා කලබල වෙලා.
ඔබලා සියලු දෙනාම උගත්, අවංක පුද්ගලයින් නම්, මේ රට, මේ විදිහට විනාශ වුණේ කොහොමද? පසුගිය අවුරුදු 15 හි තිබුණු ආණ්ඩුවල මාරුවෙන් මාරුවට ඇමැතිකම් දැරුවේ මේ ආණ්ඩුවේ වැඩිවෙලා ඉන්න සෙට් එක නේද? දැන් අපට නාකි සෙට් එක අවශ්‍ය නැත. අපිට කැමැති කෙනෙක් පත්කර ගන්න ඡන්දයක් තියන්න.
මිනිස්සු දේශපාලකයන් විසින් අයථා ආකාරයෙන් උපයාගත් දේපළ විනාශ කරන්න, මිනීමරන්න පෙළඹෙන්නේ මෙවැන්නන්ගේ වාචාල කතා ඇහිලා කෝපයට පත්වුණාම.. ඊටපස්සේ ඇවිත් පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍යවලින් කියනවා අපේ දේපළ විනාශ කළා කියලා. කෑගහන්නේ එක්කෙනෙක්... දේපළ විනාශ වෙන්නේ තවත් කෙනෙක්ගේ...
පාර්ලිමේන්තුවේ වැඩි හරියක් සිටින්නේ නිසි අධ්‍යාපනයක් නොලද බුරුවන් තමයි.
විමලවීර වගේ අය හිතන් ඉන්නේ, 8 පාස් කියන්නේ ලොකු අධ්‍යාපන සුදුසුකමක් කියලා...
උගත්කම ගැන ලොරි ටෝක් දෙන සමහරක් සිතාගෙන ඉන්නේ හරි උගත් කියලා. වැඩිමල් අයෙකුට ගරු නම්බු දීලා... කතාකරන්නවත් දන්නේ නැති අයයි ගොඩක් ඉන්නේ. ඒකෙන්ම පේනවා උගත්කම. එහෙම කතාකරන අයෙක් සිටිනවා නම් ඒ එලොවත් නැති, මෙලොවත් නැති ජෙප්පෙක්...
වහල් හිමියගේ බර අදින බූරුවන් කිව්වොත් වඩාත් නිවැරදියි...
225 කිව්වාම ජේවීපී තුන්දෙනත් අයිතියි...
විමලවීර කල්පනා කරනවා ඇති අර 8 පාස් රත්තරන් මහා පරිමාණයේ හොරකම් කරලා, ඩොලර් කෝටි ගණනක් වටිනා මෙරට සහ පිටරට දේපළ හරි හම්බකරලා තියෙනවා නම්, එම සුදුසුකම හොඳටම ඇති කියලා..
මේක තමයි ලංකාවේ දැනට තියෙන ලොකුම ප්‍රශ්නේ. අනේ මේ වගේ අය...!