IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


අනුර ජපානේ ලාංකිකයන් හමුවෙන්න කෝච්චියෙන් යයි

(අංජුල මහික වීරරත්න)

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝහිදී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.

සිය තෙදින ජපාන නිල සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා ඊයේ (27) දිනයේදී ජපානයට පැමිණියේය. 

එහිදී  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ යන මහත්වරු සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයා හරසරින් පිළිගනු ලැබීය.

ඊයේ පැවති වැඩසටහන් වලින් අනතුරුව අද (28) උදෑසන Shin- Osaka දුම්රියපොළින් ටෝකියෝ හි     Shinkansen දුම්රියපොළ බලා පිටත් වූ ජනාධිපතිවරයා අද පස්වරුවේ ටෝකියෝහිදී  ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට නියමිතය.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය  ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) මහතා සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක්  හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

එමෙන්ම, ශ්‍රී ලංකා සහ ජපාන වාණිජ මණ්ඩල ඒකාබද්ධව ටෝකියෝහිදී සංවිධානය කර තිබෙන       ශ්‍රී ලංකා ආයෝජන සංසදය සඳහාද ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු  එක්ව සිටිති.

 



අදහස් (5)

අනුර ජපානේ ලාංකිකයන් හමුවෙන්න කෝච්චියෙන් යයි

සෙනෙවිරත්න Sunday, 28 September 2025 01:18 PM

ජයවේවා අපට නියම නායකයෙක් ලැබිල තියෙනව, ටයිකොට් කාරයො ඉංග්‍රීසියෙන් දොඩල කලේ අපි හිඟන්නො කල එක විතරයි. වැඩේ කියන්නෙ උන්ට තාම ඒක නොතේරෙන එක.

:       5       3

අමල් Sunday, 28 September 2025 01:19 PM

ශින්කන්සේ කියන්නේ දුම්රිය පොලක් නෙමෙයි. ඒක ජපානයේ අධිවේගී දුම්රිය වලට කියන නම නේද ?

:       1       4

පිටිගල මිලානෝ Sunday, 28 September 2025 01:25 PM

ඉඩක් ලැබුණොත් හිරෝෂිමා යුධ ස්මාරක කෞතුකාගාරය බලන්න යන්න. රටක නායකයෙක් වශයෙන් ඔබ ඉතා සංවේදී වනු ඇත.

:       1       4

Nandana Monday, 29 September 2025 07:34 PM

කෝච්චියෙන් නැතිනම් කාර් එකේ හෝ බස් එකේ... මෙයා හිතුවද ප්ලේන් එකක් දෙයි කියලා ඒවා ලැබෙන්නේ ට්‍රම්ප් වගේ අයට තමයි.

:       0       2

Asanga Tuesday, 30 September 2025 10:49 AM

අපි ගීනස් පොතට මේක දාමුද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site