
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඔහුගේ කතාවට දිගින් දිගටම බාධා එල්ල කිරීම නිසා පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් අද (18) පස්වරුවේ ඇතිවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරු " මිනී මරුවා මිනීමරුවා. ඔයා තමයි ඔක්කොම කළේ" යනුවෙන් කෑගසනු දැකගත හැකිවිය .
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ මෙවැනි ආකාරයේ තර්ජනවලට බියවන පක්ෂයක් නොවන බව ප්‍රකාශ කළේය.
පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සම්බන්ධ නම් ඒ සම්බන්ධයෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවද අනුර දිසානායක මහතා පැවසූවේය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසුවේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හාරසිය පනස් දෙනා ගෙන් එකසිය පනස් දෙනකුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් බව පොලිස්පතිවරයා දන්වා ඇති බවයි.
මෙහිදී ඊට ප්‍රතිචාර දැක්වූ අනුර දිසානායක මහතා එසේනම් ඒ අයට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාදී ඇත්තේ පොලිස්පතිවරයා විය හැකි යැයි ප්‍රකාශ කළේය.
තමාගේ නිවෙසද 1988දී ගිනිගෙන විනාශවූ බව ඔහු සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසුවේ තමාගේ නිවෙසට ගිනි තැබීමට පැමිණි පිරිසේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයකුද සිටි බවයි.
මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායක මහතාට විවිධ චෝදනා කරමින් කෑ ගසන්නට වූහ.
සියලු ප්‍රශ්න ඇතිවුණේ තමන්ගෙ පාඩුවෙ අරගල කරපු පිරිසට මැරියන් යොදා පහරදීම නිසා යැයිද එම සිද්ධියෙන් ජනතාව කුපිත වූවේ යැයිද අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් අනුරගේ කටින් කවදාවත් ඇත්ත කියවෙන්නේ නම් නෑ...
1971 කැරැල්ල , 1989 කරැල්ල මෙදාපාර 2022 ආවේ නිර්පාක්ෂික නමින්. ජ.වි.පෙ. කවදාවත් හැදෙන්නෙ නෑ. රටට වැඩක් කරන්නෙත්.නෑ. නිකම් පව් පුරවගන්නව විතරයි.
විප්ලවය ජයගත හැක්කේ නිර්ධන පන්තියේ නැගිටීමට රුකුල් දීමෙන්
කොහොමත් ජවිපෙ පෙරටුගාමී සෙට් එකට තියෙන්නේ මාර ආසාවක් අනුන්ගේ දේවල් පිච්චෙනවා බලන්න. 89 ctb එකේ වර්ජනේ වෙලාවේ බස් දිව්වා කියල අපේ මාමෙකුත් මරල බස් එකත් ගිනිතිබ්බ.
කොල්ලකෑම් සහ ගිනි තැබීම් වගේ දේවල් වලට නම් ඔවුන්ට අත්දැකීම් තියෙනවා...
2024 ජනාධිපති වෙන්නේ කවුද කියලා අම්බලන්ගොඩ පැත්තේ කෙනෙක් කාලෙක සිටම කියනවා..
ජවිපෙ එකේ ඡන්ද ටික කඩන්න කියන කතා... රනිල්ගේ ඩීල් එකේ කොටසක්...
ජවිපෙ ඉතිහාසය මිනීමරු එකක් බව නම් ඇත්ත... 88-89 කාලේ ජවිපෙ මිනිස්සු මරපු හැටි අදටත් අපිට මතකයි... එදා ජවිපෙ ආරක්ෂක හමුදා සාමාජිකයින් සහ පවුලේ අය මැරුවාට පස්සේ ආරක්ෂක හමුදා දිගට හරහට ජවිපෙට ගෑවිලා හිටි අය පවා පන්න පන්නා මරන්න ගත්තා. අනුරට ඒවා මතක නැති වෙන්න බැහැ...
මේ අනුරට අවලාද නගන්නේ ගිනිතිබ්බට නොවෙයි... සත්‍යය හෙලි කරනවාට... මෙයාලාට ලොකුම ඇනේ ජවිපෙ, මෙයාලා දන්නවා ජවිපෙ මේකට සම්බන්ධ නැති බව... ජවිපෙ නොහිටින්න මේ අය නතරවන තැන හිතාගන්නවත් බැහැ..
මේවා කවුරු කළත් ඉතාමත් පිළිකුලෙන් හෙළා දැකිය යුතුයි... සහ නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීමට සියලු දෙනා කැපවිය යුතුයි. මේ වගේ වචන හරඹවලින් වැඩක් නැහැ. මේවා සඟවන්නත් බෑ.
නිර්පාර්ෂික අරගලය මෙහෙයවලා තියෙන්නේ අන්තරේද? කරුණාකරලා අරාබි වසන්ත ව්‍යාපෘති ගෙනැල්ලා රට තවත් පටු පරමාර්ථ කරා මෙහෙයවන්න එපා! JVP 1994 සිට පාර්ලිමේන්තුව නියොජනය කරනවා! හැම දෙයටම විරුද්ධව පාරට විශ්ව විද්‍යාල සිසුන් ගෙනැල්ලා රටේ අනාගතය පාරට දියකරනවා ! JVP අඩුම තරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවත් වැඩපිළිවෙළක් නැහැ! අනුර වැනි ජනතාව දැනුවත් කිරිමට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැති යාවත්කාලීන නොවූ නායකත්වයකට රටක් දියුණු කළ නොහැකියි සහෝදරයා...! කරුණාකරලා යූ ටියුබ් වීඩියෝ බලන්න. තාක්ෂණය රටක සංවර්ධනයට කොතරම් වැදගත්කමක් තියෙනවද කියලා..? JVP යනු වැඩබැරි කටින් දේශපාලන පක්ෂයක්!
කමෙන්ට් ටික කියවපුවාම හිතෙන්නේ, මේ රට කවදාවත් ගොඩ ගන්න බැරි වෙයි කියලා. වීඩියෝ සාකෂිත් එක්කම ගහපු අය එළිකරද්දීත් ඔවුන් වීරයින් කරන මිනිස්සු ඉන්න රටක්. තාක්ෂණය මෙච්චර දියුණු කාලෙත් මෙහෙම චෝදනා එල්ල වෙන කාලේ, 88/89 වුනේ මොකක්ද කියන එක දැන් මිනිස්සු දන්නවා. අපි දන්නවානේ ඒ කාලේ වර්ජනවලට මොකද වුනේ කියලා...?
ඔය චූටි ජෙප්පන් හිතාගෙන ඉන්නේ අනුරත් පොරක් කියලා. පුළුවන් ලයික් දාන්න විතරයි. එයාලා තමයි මේ ගිනි පත්තුකරලා මංකොල්ල කෑවේ 71, 88/89... ඕවා තමයි කළේ...
මෙම ලිපියේ ඇති කොමෙන්ටු වලට ලයික් වැටෙන්නේ මෙහි ඇඩ්මින් ගේ කැමැත්ත අනුවයි එයා ජ.වී.පෙ.ට ආදරය කරන කෙනෙක් බව පේනවා 18.05.2022 හවස 4.00 සිට මේ වෙනකොට ලයික් 1800 විළි ලැජ්ජාවේ සන්තෝසේ බෑ
අම්මෝ 3% වහලෙක් නොකා නොබී dislike කරනවා
අනුවන කුමාරට ඔය වගේ වැඩ හොඳට පුරුදුයි අර හාල් කාන්ත කියන්නෙ ඔව් අපි අපේ විරුද්ද මත දාරීන් මැරුව තමයි. කියල ගානක් නැතිව කියන්න පුලුවන් අපරාද කාරයො සෙට් එකක්නෙ.
ජෙප්පොන්ටයි උංගෙ ඇඟේ ඉන්න මැක්කොන්ටයි අනුව උං තමා සුපර් පොලිටීෂියන්ස්ල ලෝකෙ. ඇමරිකන් එම්බසියෙන් කතාකලාම හිතන්නේ ලංකාවේ නෙවෙයි ඇමරිකාවෙ ජනාධිපති කමට අනුරට කතාකරන්න ආව කියල. " අනේ ඉතිං මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න "
Jvp කරපු හොර මැර කම් මේ පක්ෂ දෙකම මාරුවෙන් මාරුවට කියනවා.ඉතින් සාක්කි ඇත්නම් නඩු දාන්නකෝ
දැන් එතකොට ජනාධිපතිකම අගමැතිකම පාවිච්චිකරලා මේ රටේ මහජන මුදල් කොල්ල කෑවෙ JVP එකද? ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා මාධ්‍ය ආයතන පිච්කුවේ JVP ද? තාජුඩීන්ව ලසන්තව ඝාතනය කලේ JVP ද? මේ රටේ ආන්ඩු වගේම ජනතාවත් තක්කඩි. ඇත්ත තේරුම් ගන්න බෑ. තමන් වෙනුවෙන් අවකව කැපවෙන එකාව දන්ගෙඩියට යවන්න පුදුම දුශ්ඨ ආසාවක් තියෙන්නේ. එහෙමෙ මිනිස්සුන්ට කවදාවත් මීට වඩා හොද රටක හැදෙන්නේ නෑ.
(Said By Ramesh Pathirana) එතකොට ඩී.අයි.ජී. තෙන්නකෝන් කිව්වා ‘සර් 12.40ට පොලිස්පතිතුමා මට කිව්වා මේකට කඳුළු ගෑස් ගහන්න එපා මේකට ජල ප්‍රහාර එල්ල කරන්න එපා. මේක නවත්වන්නව එපා කියලා පොලිස්පතිතු තුමා කිව්වා’ කියලා. ජනාධිපතිතුමා කිව්වා ‘තමුසෙට මම කිව්වේ රටේ ජනාධිපති වහාම නවත්වනවා’ කියලා ජනාධිපති කිව්වට පස්සේ තමයි කඳුළු ගෑස් ගහලා මේ ගමන නවත්වන්න ජනපතිතුමා මැදිහත්වුණේ. ඊට පස්සේ තමයි මේක මේ විදිහටවත් නැවතුණේ. අනුර කුමාර දිසානායක මහතා කරපු කථාව ඇත්ත මේ ප්‍රහාරය නවත්වන එපා කියලා නියෝග කළේ පොලිස්පතිත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියන එකත් තමයි සත්‍ය කාරණය.
ඔය ජෙප්පොන්ගෙ කටේ හැමදාම තියෙන්නෙ තාජුඩීන් ලසන්ත එක්නැලිගොඩ තමා. උන්ට මතක නෑ දවස් 10 කට කලින් අතුකෝරල මංත්‍රීව කපල මැරුව උං