
(සුමිත් ප්‍රේමතිලක, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ කුඹුක ප්‍රදේශයේ දී ඉකුත් 16 දා අළුයම 1 ට පමණ මෝටර් රථයක ගමන් ගත් ව්‍යාපාරිකයකුගේ ගෙලට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කල සැකකරු පිස්තෝලය සහ උණ්ඩ 7 ක් සමග පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ, වව්ලුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කියයි .
කාන්තාවක සමග පවත්වන අනියම් සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් වෙඩිතැබීම කර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය පවසයි.
එදින සිදුවූ වෙඩිතැබීමෙන් ගෙල ප්‍රදේශයට තුවාල සිදුවූ ව්‍යාපාරිකයා මේ වනවිට රෝහලින් බැහැරව ඇතැයිද පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd