(විමුක්ති එස් රුද්‍රිගු)
සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඊයේ (18) ඉල්ලා අස් වී තිබේ.
ඉල්ලා අස්වීමට හේතු වී ඇත්තේ ලියොන් පෙරේරා මහතා පැවැත්වූ අයථා සබඳතාවයක් පිළිබඳ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබීමයි.
සිංගප්පූරු ප්‍රධාන විරුද්ධ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වන නිකොල් සේ සමඟ ලියෝන් පෙරේරා මහතා මෙම අයථා සබඳතාවය පවත්වා ඇත. වසර දෙකකට අධික කාලයක සිට මෙම සබඳතාවය පැවතී ඇති බවත් වීඩියෝ පටය නිකුත් වන තෙක් ඔහු තම වරද පිළිගැනීමට සූදානම්ව නොසිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
නිකොල් සේ සහ ලියෝන් පෙරේරා කිහිපවතාවක් ආපනශාලා වලදී මෙන්ම හෝටල් වලදී මුණගැසී තිබෙන බව සිංගප්පූරු ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ.ඔවුන් දෙදෙනා සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟ දෙදෙනාම වරද පිළිගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය මන්ත්‍රී ධුරයෙනුත් ජ්‍යෙෂ්ඨ නායිකාව වන නිකොල් සේ පක්ෂ සමාජිකත්වයෙනුත් ඉල්ලා අස් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට නම් ඔය නීති ගේන්න එපා අන්තිමට රට අරාජික වේවි…!
ජොනීට කොහොමද මේවගේ දේවල් බලපාන්නේ...?
දෙන්නම විරුද්ධ පක්ෂ මන්ත්‍රිලා... !
නොදියුණු රටවල් වල ඔහොම තමයි .ලංකාවේ වගේ ඔය අතින් දියුණු රටකින් උපදෙස් ගන්න ඕන නේ
ජොනීව පාලන නීති වලින් නිදහස් කර ඇත