
(තිලකරත්න දිසානායක)
අන්නාසි වගාවට අවශ්‍ය පොහොර ඇතුළු අමුද්‍රව්‍ය නොමැතිකමින් අන්නාසි වගාව මේ වනවිට විනාශවී යාමේ තත්ත්වයකට පත්ව ඇතැයි අන්නාසි ව්‍යාපාරිකයෝ පවසති.
මේ හේතුවෙන් අන්නාසි වෙළඳාමෙන් සහ අපනයනය කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවත් මේ හේතුවෙන් දහස් ගණනකගේ ජීවනෝපාය අහිමි වෙමින් පවතින බවත් වගාකරුවෝ සහ වෙළෙන්දෝ පෙන්වා දෙති.
බැලුම්මහර සහ ඉඹුල්ගොඩ යන ප්‍රදේශයන්හි පවත්වාගෙන ගිය 70වක් පමණ වූ අන්නාසි කඩවලින් මේ වන විට ඉතිරිව ඇත්තේ කඩ දහයකටත් අඩු ප්‍රමාණයකි.
අන්නාසි වගාව සඳහා යොදන පොහොර වර්ග සහ තෙල් වර්ග නොමැතිවීම අස්වනු පහළ වැටීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අනාවරණය විය.
මෙම තත්ත්වය මත අන්නාසි කිලෝවක් රුපියල් 250 ක් 300 ක් පමණ මිලක් වන අතර රුපියල් 200 ක පමණ මිලකට අලෙවි කළ අන්නාසි ගෙඩියක් රුපියල් 700 ඉක්මවූ මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බව සිල්ලර වෙළඳුන් පවසති.
ගම්පහ ප්‍රදේශයේ අන්නාසි වගාකරුවකු වන අසේල සෙනෙවිරත්න මහතා මෙන්ම ඉඹුල්ගොඩ දේශප්‍රිය ඩයස් සහ අජිත් ප්‍රසන්න යන වෙළඳමහතුන් සදහන් කර සිටියේ , පවතින තත්ත්වය මත මුලුමනින්ම අන්නාසි වගාකිරීමෙන් සහ අලෙවි කිරීමෙන් ඉවත්වීමට සිදුව ඇති බවය.
ඇතැම් වෙළඳුන් කියා සිටියේ මව් පිය පරම්පරාවෙන් මෙම වෙළඳාමෙන් ජීවත්වූ බවය. ඇතැම් වෙළඳුන් අන්නාසි අලෙවිය අතහැර එළවළු වෙළඳාමට යොමුව ඇත.
මහා පරිමාණයෙන් රටවල් කිහිපයකටම අන්නාසි අපනයනය කළ ආයතනයක ප්‍රකාශකයකු සදහන් කර සිටියේ, අන්නාසි හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් රටට විදේශ විනිමය ඉපයූ අන්නාසි අපනයනය මුලුමනින්ම නවතා දමා ඇති බවත් පවතින අයහපත් තත්ත්වයට විසදුම් ලබා දීමට රජය පියවර ගත යුතු බවත්ය.


2025 දෙසැම්බර් මස 18
439
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අන්නාසි වගාව නැත්තටම නැති වෙයිද?
D P P Prasad Thursday, 18 August 2022 01:41 PM
අන්නාසි වගාව දි්ර්ඝ කාල පරාසයක් තුල ලංකාව තුල පැවති ආර්ථික වශයෙන් ඵලදායි වගාවකි. නගරයෙත් ගමෙත් පලතුරක් මෙන්ම ඇතම් ව්‍යංජන සකස් කිරිම සදහාද අන්නාසි බොහෝ අවස්ථාවලදි භාවිතා කරනු ලබයි. දේශිය මෙන්ම විදේශිය සංචාරකයන්ද පලතුරක් ලෙස අන්නාසි කෙරෙහි වැඩි කැමත්තක් දක්වයි. ගම්පහ දිස්තික්කය ආශ්‍රිතව අන්නාසි වගාව බහුලව සිදුවේ. ඇතැම් ජෑම් වර්ග කෝඩියල් වර්ග නිෂ්පාදනය කරන ආයතනද මෙම අන්නාසි වගාව අකර්මණ්‍ය විම නිසා බිද වැටෙන අතර ඒ හේතුවෙන් විදේශ ආදායමද සැලකියයුතු ලෙස බිද වැටේ එමනිසා අවශ්‍ය අමුද්‍රව්‍ය, බිජ පැල හා පොහොර සහනාධාර ලබාදී රටට මුදල් උපයන මෙම වගාව නගාසිටුවීම රාජ්‍යය බලධාරින්ගේ වගකීමකි.
fairoos Thursday, 18 August 2022 01:49 PM
අන්නාසි විතරක් නෙවෙයි, රටේ කෘෂිකර්මය විනාශ කරපු නන්දසේනට නම් හොඳක් වෙන්නේ නැහැ.