
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වග පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකි. අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
අනතුර සිදුවන අවස්ථාවේදී එම යතුරුපැදියේ සිව් දෙනකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් ආසයි හොඳ වාහනේක ආරක්‍ෂිතව යන්න, ඒත් ආණ්ඩුවට අපේ ජීවිත වලට වඩා වටිනවා ලීසිං පොලීකාර කොම්පැණි. දැනටමත් වාහන තියෙන සල්ලිකාරයින්. උන්ට පාඩු වෙනවා කියලා වාහන මිල 600% වැඩි කරපු සහගහන අපරාධය නිසයි මේ වගේ පොඩි දරුවෙක්ට ජීවිතය නැති වුනේ.