(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක - කොළඹ මාර්ගයේ ලියන්වල හන්දිය ආසන්නයේදී ලොරි රථයක් , යතුරු පැදියක පිටුපස ගැටී අද (27) සිදු වූ අනතුරකින් යතුරු පැදියෙහි ගමන් ගත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වග පින්නවල ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි පෙර පාසල් දරුවෙකි. අනතුර කළ බවට සැක කරන ලොරි රථය සහ එහි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි
අනතුර සිදුවන අවස්ථාවේදී එම යතුරුපැදියේ සිව් දෙනකු ගමන් කර ඇති බව පොලීසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනතුරින් සිව් හැවිරිදි දරුවා මරුට
ගුණරත්න Thursday, 27 March 2025 08:12 PM
අපිත් ආසයි හොඳ වාහනේක ආරක්‍ෂිතව යන්න, ඒත් ආණ්ඩුවට අපේ ජීවිත වලට වඩා වටිනවා ලීසිං පොලීකාර කොම්පැණි. දැනටමත් වාහන තියෙන සල්ලිකාරයින්. උන්ට පාඩු වෙනවා කියලා වාහන මිල 600% වැඩි කරපු සහගහන අපරාධය නිසයි මේ වගේ පොඩි දරුවෙක්ට ජීවිතය නැති වුනේ.
කමනිSaturday, 29 March 2025 08:21 AM
ඔයාට වාහනයක් ගන්න බැරුව ලතැවි ලතැවී හිටියට අනිත් පැත්ත ගැනත් හිතන්න. ආරක්ෂාව ගැන කිසිම හැඟීමක් නැතුව බයික්කාරයෝ අතනින් මෙතැනින් දානවා. වෙට්ටු දානවා... මාර්ග නීති කඩනවා. ඒ විතරක් නොවෙයි.., පදිකයින්වත් හප්පනවා. හෙල්මට් දාන්නේ දඩයෙන් බේරෙන්න විතරයි. පොඩි දරුවන්ට හෙල්මට් එකක් දාන්නෙත් නැහැ. ෂුවර් එකටම මේ පොඩි දරුවාටත් හෙල්මට් දාන්න නැතුව ඇති.