
(හිරාන් ප්රියංකර ජයසිංහ)
මාම්පුරිය කතෝලික දේවස්ථානයෙ ආලේපන සදහා රැගෙන ආ තින්ත ලොරියක් අනතුරට ලක්විමේන් එහි තිබු ලක්ෂ 10 කට ආසන්න තින්ත තොගය මාර්ගය පුරා විසිරි විනාශ වි ඇති බව නොරෝච්චෝල පොලිසිය අද( 16) පැවසිය.
මාම්පුරීය ආවේ මරියා දේවස්ථානයෙ අලුත් වැඩියාවෙන් පසු අලේපනය සදහා රැගෙන ආ විත් තිබු රුපියල් ලක්ෂ 10 කට වැඩි වටිනාකමින් යුත් තින්ත තොගය සහිත ලොරිය පල්ලියට රැගෙන යාමේ අරමුණින් මාර්ගය අසල නවතා තිබියදී අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් මෙලෙස ලොරි රථයෙ ගැටි ඇති බව කියයි.
කැබ් රථය තින්ත ලොරියෙ ගැටිමේන් ලොරි රථයෙ පිටුපස ගැටි එහි ගබඩා කර තිබු තින්ත තොගය සහිත බකට් පුපුරා මාර්ගයෙ තින්ත විසිරි තිබු බව පොලිසිය කියයි.
අදාල තින්ත තොගය දේවස්ථානයෙ බැතිමතුන් විසින් එකතු කල මුදල් යොදවා තින්ත බෙදාහැරිමේ සමාගමකට ඇනවුම ලබා දී රැගෙන විත් තිබු බව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd