IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ

 

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දී පැවැත්විණි.

 

 
ථෙරවාදී බෞද්ධ රටවල් අතර ආගමික හා සංස්කෘතික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමය දෙවසරකට වරක් පවත්වන සමුළුවේ මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. 
 
කාලීන වශයෙන් ථෙරවාදී බෞද්ධ දර්ශනයට එල්ල වන අභියෝග සඳහා වඩාත් ශක්තිමත් විසඳුම් සෙවීම සඳහා මෙම සමුළුව ඉතා වැදගත් වන අතර  නවීන ලෝකයට ගැළපෙන පරිදි ථෙරවාදී බෞද්ධ දර්ශනය සමාජගත කිරීම මෙන්ම ථෙරවාදී බෞද්ධ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම ද එහි තවත් අරමුණකි.
 
ථෙරවාදි බුදුදහම ව්‍යාප්තව ඇති රටවල් දහයක භික්ෂුන් වහන්සේලා සහ විද්වතුන් මෙම සමුළුවට එක්ව සිටින අතර, සිතගු විශ්ව විද්‍යාලයේ කුලපති සහ මියන්මාරයේ සුජින් නිකායේ අනු සංඝනායක අශීන් ඥාණිස්සර හිමිපාණන් වහන්සේ වෙත මෙහි දී ජනාධිපති විසින් විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වූ අතර උන්වහන්සේ ද ජනාධිපතිතුමා වෙත බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පිළිගැන්වුහ.
 
අස්ගිරි මහා නිකායේ මහා නායක වරකාගොඩ ඥානරතන නායක හිමිපාණන් වහන්සේ, මල්වතු මහා නිකායේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපාන පේමසිරි මහා නායක ස්වාමින් වහන්සේ, කෝට්ටේ පාර්ශ්වයේ මහානායක ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නායක ස්වාමින් වහන්සේ, අමරපුර නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නායක ස්වාමින් වහන්සේ, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති කනත්තෙගොඩ සද්ධාරතන හිමිපාණන් වහන්සේ, ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ සංගමයේ විධායක ලේකම් කම්මායි ධම්මස්සංමි හිමිපාණන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(28535)
 
ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (2)

අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ

Kumar (Gulf) Wednesday, 28 November 2018 02:35 PM

රටටම හෙනගැහිලා හැඳිගෑවිලා ගියත් කමක් නෑ. බුද්ධාගම කබල් ගෑවොත් විතරක් ඇති රටටයි, ලෝකෙටයි පෙන්නන්න.

:       419       117

Keppetipola Thursday, 29 November 2018 10:41 AM

බුදු දහමට නිගා කරන මෙවැනි පරයින්ගේ ප්‍රතිචාර දාන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 132 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 77 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site