(නිමල කොඩිතුවක්කු)
අපරාධකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු වුවද නීතියට පිටින් ගොස් හිතුමනාපයට ආණ්ඩුව කරන අනීතික ඝාතන වහාම නවතා දැමිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ආණ්ඩුව ගෙන යන ඒකාධිපති අඥාදායක ගමනට එරෙහිව සමගි ජනබලවේගය පෙරට එන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියයි.
පොලිසිය විසින් සැකකරුවෙකු ඝාතනය කරන විට එම රාජ්‍ය අවනීතිය රජ කරන ෆැසිස්ට් රාජ්‍යයක් බවට පත් වෙන බවත් එවන් ඝාතන තුළින් සැකකරු සමග ගණුදෙනු කළ දේශපාලකයන්ට සහ ඉහල පෙලේ ජාවාරම්කරුවන්ට නීතියේ රැහැනින් පැන යන්න හැකි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එයින් නීතියේ ආධිපත්‍යය සහ නීතිය බලාත්මක කරන ආයතන කෙරේ ඇති විශ්වාසය අහෝසි වී යන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිදුනා නේද?කොහොමත් මේ රටේ මිනිස්සු දැක්කා තමුන්ලගෙ ආන්ඩුව කාලේ රාජ්‍ය අනුග්‍රහයෙන් පාතාලයට කිරි පොවපු හැටි.දැන් දුක ඇති මෙහෙම වෙනකොට.
ඔයාට අයේ එන්න බෑ. ඔය වගේ බොළඳ කතකියනකොට මෙහෙමත් විපක්ෂය
මේ මොකද ?
තව මේ වගේ දේවල් කරපු අය ඉන්නවා
රටක නීතියක් නැති විදිහට හැසිරෙන්න බෑ.අච්චර මිනිස්සු මරපු සදාම් හුසේන්ටත් නඩු අහල දඩුවම් දුන්නෙ.මෙහෙම ගියොත් මානව අයිතිවාසිකම් නඩු වැටෙයි රටට.මොන වැරැද්ද කරත් රටේ නීතියට යටත් විය යුතුයි.ඕක සජිත් කියන්න ඕන නෑ.එහෙම කිව්ව කියල සජිත්ට විරුද්ද මිනිස්සු ඒක විවේචනය කරන් නැතුව කතාව ඇත්තද නැත්ද බලන්න.
මෙයා හිතාගෙන ඉන්නේ විපක්ෂයේ ඉන්නවා කියන්නේ, තියෙන තියෙන හැම එකටම විරැද්ධ වෙනවා කියන එක, ඇත්තටම විපක්ෂය පවතින රජයේ අඩුපාඩු විවේචනය කල යුතුය. නමුත් රජයේ යම් වැදගත් යමක් පවති නම් එය අගය කිරිමත් කලයුතුය, මොවුන් ඔක්කොටම දේශපාලනය යනු ඉගැන්විය යුතුය
මේ ක්‍රමේ තමයි හොඳම.
එක පාතාලයෙක්ගෙන් අහිංසක මිනිස්සු ගොඩක් මැරුණාට කමක් නැත්ද දන්නේ නැහැ. එතකොට දහස් ගණනකට මත්ද්‍රව්‍ය විකුණුවට කමක් නැත්ද දන්නේ නැහැ.... නිකං ඇහුවේ.
ඔන්න බල්ලා මල්ලෙන් එලියට පැන්නා .
නීතියක් නැති රටක්...
ඔයාගේ පියා මෙහෙම කළේ නැද්ද? පිනට දෙන දේ කාලා ඉන්න.
පැන්නා නේද විපක්ෂ නායකතුමනි බළලා මල්ලෙන් එලියට.
මොනවා කියනවද මන්දා
රැවුල ගිනිගෙන තියෙන අස්සේ පුතාණෝ සුරුට්ටු පත්තු කරන්න එනවා. බොරුවට තප්පුලන්නේ නැතිව කොරෝනා මඩින්න සහයක් දෙන්න. කප්පම් ගන්න රටේ මහජනයාට හිසරදයක් වූ මිනීමරුවන් මැරෙනකොට හරි අමාරුයි නේද?
ඕකේ ඇත්ත නම් රටේ නීතිය ඕන ඕන විදියට නවන්න පුළුවන් හින්ද තමයි ආණ්ඩුවලට ඔහොම කරන්න වෙලා තියෙන්නේ. නඩු දාන්න බෑ හිල් අස්සෙන් රිංගල නිදහස් වෙනවා. ඔක්කොටම ඉස්සෙල්ල රටේ නිතිය ශක්තිමත් කරන්න ඕනේ
ඔවුන් තියා ගැනීමෙන් රටට යහපතක් නැත.
අනේ ඉන්න මහත්තයෝ කටපියාගෙන . තමුන්නැහෙගේ පියාණන් වහන්සේ ගේ කාලේදී ඔක්කොම ඝාතන උනේ නීතියටද ? අපි මේ අපේ දෑස වලින් දැකපු දේවල් නෙව ඒවා . ඒවා පැත්තකින් තියමු මේ පාතාලයෝ විරුද්දවාදීන් ඝාතනය කලේ නීතියට අනුකූලවද ? අවි ගත්තෝ නහින්නේ අවියෙන් මයි එක කාටත් - ඔව් කාටත් පොදුයි . ආපස්සට හිතල බලන්න
ආන්ඩුවට වැදගත් වන අපරාධකාරයින් වන්නේ චොකා මලයා, පිල්ලෙයාන්, කරුණා වැනි සමුල ඝාතකයින්...! කොස්ගොඩ තාරකලා, ඌරු ජුවාලා, මධුෂ්ලා නිකං පණුවෝ. ඒ නිසා මැරුවට කමක් නැ! කියන තර්කය පොලිසියම හදාගත්ත එකක්! පොලිසිය මේ මිනිස්සුන්ව මරණ උණ්ඩෙටත් බදු ගෙවන්නේ මේ රටේ ජනතාව, අනිතික අපරාධකාරයෙක් මරන්න ඉදිරිපත් වෙන්නේ නීතිමය රාජකාරියක් කරන නිලධාරියෙක්, ඔහු කවුරු වුණත්, ඔහුගේ හෘද සාක්ෂිය දන්නවා තමන් කරන්නේ අපරාධයක් කියලා. රටක සිටින ගොන් ජනතාව සහ ඔවුන් බලයට පත්කරපු දේශපාලකයින්ට මෝඩ චූන් දෙන්න ගිහිල්ලා මේ නිලධාරීන් මහා අපරාධයක් කරනවා - හැබැයි මේ මෝඩ චූන් එකෙන් ත්‍රිල් එක ගන්න ජනතාව අතරින් හෙට තවත් මධුෂ් කෙනෙක් එලියට එනවා! - බලාගෙන ඉමු මේ විදියට මරලා පාතාලය වසා දමන තෙක්!
කොස් ගෙඩියක් කඩපු එකා අවුරුදු 10 ක් හිරේ යවන, මනුෂ්‍ය ඝාතන, මත් කුඩු වෙළඳාම, කප්පම් ගැනීම් කරන පාතාලේ වුණාට, එක පිට එක මිනීමරපු චෝදනා තිබුණත්, ඔවුන්ට ඇප දෙන ඔබතුමාගේ පක්ෂයේ කත් අදින BASL එකේ පාතාල සහායකයෝ නිසා තමයි පාතාලේ දියුණු වෙන්නේ. නැතිව පොලිසියට ඉවර කරන්න බැරි කමක් නෙවයි. රටේ පාතාලයේ වර්ධනයක් තියෙනවා නම් ඊට ඍජුව වග කියන්න ඕනේ අදාළ දඬුවම් නොදෙන ආයතන සහ ඊට රැකවරණ දෙන (පාර්ලිමේන්තුව)
අලුත් වචනයක්?
ඔය අය මරලාම දාන්න ඕනෑ...
ජාවාරම්, අපරාධ නොකර ඉන්න. මේවා හොදම පාඩම්. සජිත් මහත්තයා රජයට මඩ ගහනවා. මෙවැනි ප්‍රකාශ නවැත්තුවොත් ඔබ ඊළඟ වතාවේදී ජනපති...
මේ රටේ ඉන්න මිනිස්සුන්ට 88/90 කාලේ හොඳටම මතකයි.. වීදුරු ගෙවල්වල ඉඳන් නොකළයුතු වැඩ...