IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට  සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වන්නේ යැයි පැවසෙන  ලිංගික  හිංසනයන් සහ  අඩම්තේට්ටම් සම්බන්ධයෙන් එම සේවිකාවෝ පාර්ලිමේන්තු ප්‍රධානීන්ට  පසුගියදා පැමිණිලි කළහ.

තමන්ට ඇතැම් ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් කාලාන්තරයක් තිස්සේ විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවත් මෙවැනි දේවල්වලට අවනත නොවන්නේ නම්   විවිධ පළිගැනීම්වලට ලක්කරන බවත් එම සේවිකාවෝ  පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවී තමන්ට සාධාරණය ඉටු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති.

මේ පිළිබඳව අප පාර්ලිමේන්තුවේ  මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ  එවැනි තත්වයක් පවතී නම් තමා ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි.

සමහර සේවිකාවන් තම රැකියා නැති වේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා  බියවී සිටින බව වාර්තා වේ.

මේ අතර මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයටද  ලිඛිතව පැමිණිලි කිරීමට කටයුතු කරගෙන යන බව එම සේවිකාවෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ



අදහස් (6)

අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්

ලසිත් Saturday, 29 July 2023 12:57 PM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක්ද? සභා ගැබේ කාන්තා මන්ත්‍රීන්ට අකටයුතුකම් වුණේ..! කථානායක ඒකට මොකද කළේ?

:       0       3

පැරකුම් Saturday, 29 July 2023 01:59 PM

ඕක ඉතින් අමුතු දෙයක්ද? ඔතන ඉන්න බොහෝමයක් දේශපාලුවන්ගෙන් ලැබෙන ආදර්ශය මිස වෙන මොකක්ද?

:       0       3

Bamunuarachchi Saturday, 29 July 2023 04:12 PM

පැමිණිල්ල බාරගත්තු කෙනත් කුකුලෙක් නම් පැමිණිලි කළාට වැඩක් සිද්ද වෙන්නේ නැහැ...!

:       0       0

CK.. Lankaputhra Saturday, 29 July 2023 04:59 PM

දෙසිය විසි පහෙන් කීප දෙනෙකුගෙනුත් බේරී ඉන්නවනන් ඒකත් ලොකු වැඩක්නේ. මට නම් සැකයි.

:       0       1

G. K. Ekanayake Saturday, 29 July 2023 09:22 PM

කොන්ද පණක් නැති අය ඉන්නකන් ඕවාට විසඳුම් නෑ.

:       0       1

sriyal Saturday, 29 July 2023 10:46 PM

ඒකත් මඩමක් වෙලාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site