
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගි මාර්ගයෙ ගාල්ල දෙසට අද පෙරවරුවේ සිට දැඩි වාහන තදබදයක් පවතින බව අධිවේගී මාර්ග පොලිසිය සඳහන් කරයි.
දින කීපයක නිවාඩුවට විනෝද චාරිකා මෙන්ම ගම්බිම් බලා යන පිරිස් රැගත් වාහන විශාල වශයෙන් අධිවේගී මාර්ගය යොදා ගැනීම නිසා විශාල වාහන ප්‍රමාණයක් අද පෙරවරුවේ සිට අධිවේගි මාර්ගයට ප්රවිශ්ඨ වෙමින් තිබෙන බව ද පොලිසිය කියයි.
එසේම අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 16 කණුව වන පරගස්තොට සහ 32 කණුව ප්‍රදේශය වන දෙඩංගොඩ ප්‍රදේශවල සිදු කරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් එක් මංතීරුවක් වසා ඇත.
හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ද පොලිසිය රියැදුරන්න දැනුම් දෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂින අධිවේගයේ තද බදයට මූලික හේතුව කිසිදු සැලැස්මක් නොමැති මහා මාර්ග අමාත්‍යංශයෙහි නිළධාරින් හා ඇමති, කිසිදු සැලසුමක් නොමැතිව මාර්ගයෙ කිලෝ් මිටර් ගනනක් කඩලා දාලා අලුත් වැඩියාව කියලා නමුත් කිසිදු සේවකයෙක් නැතුව වහලා දාලා
සාමාන්‍ය පාරට ඇවිත් අධිවේගයට කලින් ගමන යන්න අධිවේගයෙන් මොලය පෑදේවා.