(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද(24) විවාදයට ගැනීමට නියමිතය.

මේ අනුව විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමෙන් අනතුරුව ඡන්ද විමසීම සිදු කෙරේ.

විවාදයට සහභාගි වීම සඳහා කොළඹ රැඳී සිටින්නැයි ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පක්ෂ නායකයන් විසින් දැනුම් දෙනු ලැබ ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කතානායක කාර්යාලයේදී පසුගියදා භාර දෙනු ලැබීය.