
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ හැතැක්ම පිටවීමේ මාර්ගයේදී ලොරියක් හදිසියේ ගිනිගෙන විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
ලොරියේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇල්පිටිය රෝහල වෙත ඇතුලත් කර ඇත.
වියළි ආහාර තොගයක් පටවාගෙන කොළඹ දෙසට සිට අධිවේගී මාර්ගයේ ඔස්සේ පැමිණ කුරුඳුගහ හැතැක්ම පිවිසුමෙන් පිටවීම සඳහා යමින් සිටියදී ලොරිය එකවරම පිවිසුම් මාර්ගයේ යකඩ වැටේ ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ක්ෂණයකින් ලොරිය ගිනිගෙන දැවුණු බව සිද්ධිය ඇසින් දුටුවෙක් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd