IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අධිවේගී මාර්ගයේ දී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 66 දශම 9 කුරුදුගහහැතැක්ම ප්‍රදේශයේදී අද අලුයම ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වූ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි

කොට්ටාව දෙස සිට මීටියාගොඩ දක්වා ධාවනය කරමින් තිබූ තෙල් බවුසරය පසු කර මෝටර් රථයක් ඉස්සර කිරීමට යාමේදී එම වහන දෙක එකිනෙක ගැටීමත් සමඟ බවුසරය මාර්ගයේ වම් පැත්තට ගැනීමේදී මාර්ගයෙන් ඉවතට පැන ගල්තලාවක ගැටීමෙන් අනතුරුව මෙම ගින්න හටගෙන තිබූ බව පොලිසිය කියයි

සිදුවූ අනතුරෙන් රියැදුරු සහ සහායකයා තුවාල ලබා ඇති බව ද බවද පොලිසිය සඳහන් කරයි ,එම දෙදෙනා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර ඇත

ගින්නත් සමග ම ඒ ආසන්නේ අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු පැයකට ආසන්න කාලයක් තාවකාලිකව නතර කළ බව පොලිසිය කියයි

(මාඝගේ සුසිල් ප්‍රියන්ත)



අදහස් (3)

අධිවේගී මාර්ගයේ දී ඉන්ධන බවුසරයක් ගිනි ගනී

සෙනෙවිරත්න Saturday, 10 April 2021 12:21 PM

අධිවේගේ යනකොට පහුවෙන වාහනය පාරේ වමට නොගැනීම මේ අනතුරුවලට මුල, බොහෝ දෙනා වාහන ධාවනය කරන්නේ මැද ඉරට ලං කරලා, ඉස්සරහ කරන කෙනාට ඉඩමදි, දකුණේ වැට බේරගන්න ගිහින් කලබල වෙනවා. තවත් එකක්... ලඟ කපලා ඉස්සර කිරීම, සමහරු චණ්ඩිකමින් හෙඩ් ලයිට් ගහලා ඉස්සර කරනවා.. තව කොටසක් උඩබලන් යනව‍ා කණ්නාඩි නැති ගාණට.... විනයක් නැතිකම, වෙන මොනවත් නෙවෙයි.

:       0       0

Pali Saturday, 10 April 2021 07:49 PM

කාලකන්නි ලොරි සහ බස් රියදුරන් ට දඩ සහ සිර දඬුවම් ද වන්දි ගෙවීමට නියම කළ යුතුය.

:       0       0

sunanda Sunday, 11 April 2021 12:15 PM

පුදුම දේ නම් ඔය බවුසරයෙන් ලීක් වෙන තෙල් එකතු කරන්ට අපේ මිනිස්සු පෝලිමේ නොගිය එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 691 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17841 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site