
(අංජුල මහික වීරරත්න)
මෙරට අධිවේගී මාර්ගයන්හි දැනට රාජකාරියේ යොදවා ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ඉටුකරන කාර්යයන් සහ එහිදී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ණි.
අධිවේගී මාර්ගයන්හි හදිසි අනතුරු, ගිනිගැනීම් වැනි අවස්ථාවලදී සහ අපරාධ මැඩලීම සඳහා දැනට ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක වන අතර එම කාර්යයන් වලින් පොලිස් විශේෂ කාර්ය බලකාය ඉවත් කර ගැනීමත්, ඔවුන් මෙතෙක් ඉටුකළා මෙන් එම කාර්යයන් විධිමත්ව ඉටු කිරීමේ වගකීම පැවරීම සඳහා විකල්ප ක්‍රමවේදයක් ඇති කිරීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මේ සඳහා වූ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරුණු අතර මෙම කාර්යයන් වඩාත් වගකීමෙන් සහ විධිමත්ව ඉටුකරගත හැකි පරිදි සහ මාර්ග සංවර්ධන අධිකාරියට එම කටයුතු නිසි ලෙස කළමනාකරණය කරගත හැකි විධිමත් නිශ්චිත වැඩපිළිවෙළක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මුලිකත්වයෙන් සකස් කර කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් සාගල රත්නායක මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිවෙිගී මාර්ග ගැටලු වලට විසැඳුම් සොයයි