IMG-LOGO

අධිවේගී මගේ රියැදුරා සිසුවියක ක‍ෙලෙසලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි.

පසුගිය වසරේ ජනවාරි මාසයේ දිනක සිදු වී ඇතැයි කියන මෙම සිද්ධිය 17හැවිරිදි සිසුවියගේ මව දැනගෙන ඇය ද කැටිව පැමිණ බෝගමුව පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය

17 හැවිරිදි සිසුවියගේ පැමිණිල්ල සටහන් කර ගත් බෝගමුව පොලීසියේ නිලධාරීන් මෙය කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ සිදුවී ඇති නිසා මේ ගැන වැඩිදුර පරීක්ෂණ කටයුතු කුරුණෑගල මූලස්ථාන පොලිසියට බාර දී ඇත

සිද්ධියට සම්බන්ධ සැකකාර රියදුරා කුරුණෑගල කොළඹ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකි. සැකකරු අතඅඩංගුවට ගැනීමට මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

 



අදහස් (11)

අධිවේගී මගේ රියැදුරා සිසුවියක ක‍ෙලෙසලා

පිටිගල මිලානෝ Saturday, 21 January 2023 11:06 PM

සැප අත්හරින්න නම් බෝ ගස්, මැටි පිළිමද, සැප ලබන්න නම් ස්පාද වංගුවෙන් වංගුවට ඇති ලංකාවේ ඇයි මිනිස්සු මෙතරම් අපරාධ සැපක් යයි හිතාගෙන කරන්නේ…?

:       15       32

SLSunday, 22 January 2023 04:47 AM

ගොන්මි කොමෙන්ට් දාන එකේ ,මිලානො වල පුවත් බැලුව නම් නරකද ? අපි නොදන්න මිලානෝ.

:       5       11

සුනිල්Sunday, 22 January 2023 03:48 PM

ඔය බස් ඩ්‍රයිවර් සපෝර්ට් වගේ පේන්නේ නම්... අක්කලා, නංගිලා... අම්මා කෙනෙක් නැද්ද ඔහේට?

:       1       5

ලුම්බිණි Sunday, 22 January 2023 06:00 AM

ආගම අද පාවිච්චි කරන්නේ ආභරණයක් ලෙස මිස යහපත් ජීවිතයකට මග පෙන්වීමක් ලෙස නොවේ. ඒ නිසා මේ වගේ තිරිසන් වැඩ බහුලව සිදු වෙනවා.

:       1       15

fairoos Sunday, 22 January 2023 01:58 PM

පසුගිය වසරේ ජනවාරි වූ දෙයට දැන්ද පැමිණිලි කරන්නේ..?

:       1       8

chathuri Sunday, 22 January 2023 06:07 PM

අම්මා අවුරුද්දකට පසුව දැනගත්තා කියන්නේ. දුව රියදුරාත් සමග හාදකමක් ඇතිකරගෙන... කැමැත්තෙන් ඉන්න ඇති. පසුව දැනගන්න ඇති මොහු රියදුරෙක් බව. බස් අයිතිකරු නොවන බව... දුවට කේන්ති ගියා එය දැනගත් පසු. ඉන්පසු අම්මාට කිව්වා. අම්මා පොලිසි ගියා. දැන් පෙරහැර ගිහින් ඉවරයි. සාමාන්‍යෙයන් පාසල් යුවතියක්. බසයක තනිවෙන්නේ නැහැ. යෙහෙළියන් සමග ඉන්න නිසා. කාටත් හොරෙන් කට්ටි පැනලා චරිතේ කෙලෙස ගත් පසු... පොලිසි ගිහින් වැඩක් නැහැ. තරුණ ජිවිතයක් ඇත්ත දැනගෙන... ඔහුටම බාරදෙන්න තිබුණා අත්තෙන් අත්තට යනවා වෙනුවට...

:       1       9

janahitha UAEMonday, 23 January 2023 03:48 PM

වයස 17 වන දැරිවියකට ඔබ කියන මනසක් නැත දැරිවිය රවට ගන්නට ඇත. ඔබටත් බාල වයසේ සහොදරියක්හෝරි සිටිනව නම් මෙය අනුමත කරන්නෙ නැත ඔහු පරලොව යවනු ඇත.

:       2       1

sampath Sunday, 22 January 2023 06:33 PM

මෙන්න මේ නිසයි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවට අකැමති. එතකොට ඕන දෙයක් කරන්න පුළුවන්නේ. මේ වට අනුබල දෙන්න අධ්‍යාපනයමයි. අධ්‍යාපනයෙන් ලිංගික දැනුම සහ නීතිමය රාමුව කිව්ව නම් මේ තරම් පාරක්කු වෙනකම් ඉන්නෙ නෑ. එදාම මේ ගැන පැමිණිල්ලක් කරනවා. මෙවැනි දේට ඉඩ දෙන්න එපා දරුවන් දැනුවත් කරන්න.

:       2       4

Sisira Sunday, 22 January 2023 07:37 PM

පමාවි පැමිණිලි කරේ ඇයිදැයි වෙනම සොයා බැලිය යුතුයි..

:       0       4

sampath Monday, 23 January 2023 03:24 PM

බලවයස්කාර දරුවන් කැමැත්තෙන් කවුරු හරි එක්ක ගියා උනත් එකෙත් වැරදි කාරය අරන් ගිය කෙනයි මොකද බාලවයස් කරුවකුගෙ කැමැත්ත ස්වාදීන කැමැත්තක් නොවේ. එ නිසා එයා අවා , මම මොනව කරන්නද කියල කියන්ඩ බෑ. කමල් අද්දරආරච්චි නඩුව අද්‍යනය කරන්න ඔනෙ නම් වයස 16ට අඩු නම් කැමැත්ත ඇතත් නැතත් ඩඩුවමෙ වෙනසක් නෑ. නීතිය ගැන දරුවන් පාසල් මට්ටමෙන් දැනුවත් කරන්න.

:       0       3

sharm warn Tuesday, 24 January 2023 09:08 AM

මෙ අර ගිය සතියෙ නාන කාමරෙ දරුවෙක් ප්‍රසුත කරපු ඩැරිවිගෙ කතාවෙ මුල කොටසද? මට එ වගෙ පොඩි සැකයක් දැනෙනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site