(අංජුල මහික වීරරත්න)
උසස් අධ්‍යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්‍යාල සහ විදේශීය විශ්ව විද්‍යාල සහ නියෝජිතායතන අතර ගිවිසුම් හයකට එළඹීමට රජය තීරණය කර තිබේ.
සබරගමු විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ සැල්ෆර්ඩ් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්, යාපනය විශ්වවිද්‍යාලය සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය හා සිංගප්පූරු සෞඛ්‍ය සේවා පෞද්ගලික සමාගම අතර ත්‍රෛපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ හා උතුරු අයර්ලන්තයේ දකුණු සෞඛ්‍ය Nhs භාරය අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ චීනයේ tomorrow rechnology education service centre අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ චෙක් ජනරජයේ තෝමස් බාටා විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය සහ ඉතාලියේ නේපල්ස් ෆෙඩ්‍රිකෝ II විශ්ව විද්‍යාලය අතර ගිවිසුමක් අත්සන් තැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේට පුලුවන් දැන් ආයෙත් පාරට බහින්න
මෙවැනි ගිවිසුම් ගැන නම් අපි ඕනෑ තරම් අහල තියෙනවා නමුත් වෙච්ච වෙනසක් නම් අපි දකින්නේ නැහැ . ඔය කලා සහ වාණිජ උපාධි වල උදි යටිකුරු වන ආකාරයේ වෙනසක් නොකර අපේ සරසවි හදන්න බැහැ. ඒ එක්කම තවමත් අපේ සරසවි වලට බඳවා ගැනීමේදී සළකන් උසස්පෙළ විෂය combinations තියෙන්නේ 17 වන සියවසේ . ටියුෂන් ඔස්තාර්ලයි , උස්සපෙල සිසුන් ඉලක්ක කර පොත් ලියන වී වී ආචාර්යවරුයි කවදාවත් නව ලොවට ගැලපෙන විෂය combinations හදන්න දෙන්නේ නැහැ .