
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්‍රයේ ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
සංචාරක ක්ෂේත්‍රයෙන් රට ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වන මොහොතක හෝටල් ක්ෂේත්‍රයේ විධිමත් පුහුණුව ලද වෘත්තිකයන් සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරි ගමන පිළිබඳ සුබ ලකුණක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ජාතික යොවුන් සේනාංකයේ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ පාඨමාලා අවසන් කළ සිසුන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය
ජාතික යොවුන් සේනාංක දඹුල්ල හෝටල් පුහුණු පාසලේදී මෙය පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ සභාපති තරිඳු මුහන්දිරම් ජාතික ඔවුන් සේනාංකයේ අධ්‍යක්ෂ ගාමිණී වික්‍රමපාල මහත්වරු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් නොතිබුණු ඉඩක් මෙයාලා හදලා වගේ. කෙබරවලත් සීමාවක් තියෙන්න ඕනෑ...