(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට අදාලව ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතිය යෝජනාවක් අනුව ඒ සඳහා ආධාර ලබාදීමට චීන රජය විසින් එකඟතාව පළ කර ඇත.
එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව ශක්‍යතා අධ්‍යයනයක් ද මේ වන විට සිදුකරනු ලැබ ඇතැයි රජය කියයි.
යෝජිත ව්‍යාපෘතිය මගින් පාසල් සඳහා සම්ප්‍රේෂණ සුහුරු පුවරු සහිත පංති කාමර,ප්‍රතිග්‍රාහක සුහුරු පුවරු සහිත පන්ති කාමර සහ එම කටයුතු මෙහෙයවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ ජාල මෙහෙයුම් ඒකකයක්, චිත්‍රාගාරයක් සහ සම්මන්ත්‍රණ කාමරයක් ලබාදීමට අපේක්ෂිත බව ද රජය සඳහන් කරයි.
මිශ්‍ර ඉගෙනුම් ක්‍රමවේදය විධිමත්ම සිදුකිරීම,සම්පත් බෙදා ගැනීම, විශේෂ කුසලතා ඇති ගුරු භවතුන්ගේ දැනුම අවශ්‍ය අවස්ථාවන්හිදී සිසුන්ට ලබාදීම, ගුරුවරුන් හිඟා අවස්ථාවන් හේතුවෙන් වන ගැටලුකාරී තත්ත්ව මග හරවා ගැනීම හා යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පහසුකම් සැලසීම යන කාර්යයන් ඵලදායීව හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා එකී උපාංග මගින් සහාය ලබා ගැනීමට හැකිවනු ඇතැයි ද රජය කියයි.
ඒ අනුව අදාල සක්‍යතා අධ්‍යයන වාර්තා මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධ්‍යාපන ඩිජිටල්කරණයට චීන සහය