IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

(ළහිරු හර්ෂණ)

ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන විරෝධතාවයක් අද(14) මේ වන විට පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී පැවැත්වේ.

පාසල් වලට තාවකාලිකව අනුයුක්ත කර ඇති වයස 35 ඉක්මවූ අභ්‍යාසලාභී උපාධිධාරීන් ගුරු සේවයට බදවා ගැනීමේ  තරඟ විභාගයට මුහුණදීමට අයදුම්පත් කැඳවීමේදී සීමා කර ඇති වයස් සීමාව 35 ඉහළ දමන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධතාවයේ නිරත වෙති.

මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට මාර්ග තදබදයක් ඇතිව තිබේ. මාර්ගයේ එක් මංතීරුවක්ද වසා දමා ඇත.



අදහස් (2)

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

Bamunuarachchi Monday, 14 March 2022 02:51 PM

මේක සජිත් සහ ජෙප්පන්ගේ වැඩක්...

:       6       2

Pradeep Kumara Monday, 14 March 2022 02:57 PM

තමන්ගේ යම් අයිතිවාසිකමක් වේ නම් එය දිනාගැනීම සඳහා අරගල කිරීම ගැටළුවක් නැත. නමුත් ඔබලා උපාධිධාරීන් ලෙස මෙලෙස හෑල්ලු වෙන්නේ ඇයි?. විදෙස් රටවල ගුරු වෘත්තියට ඉහළ ඉල්ලුමක් ඇති අතර ඔබට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය ලබා ගැනීම පමණි. උපාධියක් තියාගෙන අවුරුදු 35ක් පහුවෙලත් තවම ස්ථිර රැකියාවක් නැත්නම් එය ඔබේ වරදක් මිසක් අන් අයගේ වරදක් නොවේ. විදෙස්ගත වීමට අවශ්‍ය නැත්නම් හොඳ ඉංග්‍රීසි සහ පරිගණක පුහුණුවක් ලබාගෙන පෞද්ගලික අංශයට යොමු වෙන්න. ඔබගේ දක්ෂතාවය සහ කැපවීම මත ඉහළ වැටුප් සහ උසස්වීම් රාජ්‍ය අංශයට සාපේක්ෂව ඉක්මණින් ලබාගත හැකිය. මම අත්විඳි සහ අත් විඳින දේවල් සමගයි මේ කියන්නේ... කොයිදේටත් දියව් දියව් කියකියා ඉන්නේ නැතුව ඔය ඉන්න තැනින් ඉහළට යන්න පුළුවන් ක්‍රමයක් ගැන හොයලා බලන්න...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 564 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site