(රොෂන් තුෂාර)
අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව පෙන්වා දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර් එස්. එස්. සපුවිද මහතා සාක්ෂිකාර පොලිස් නිලධාරියකුට වරෙන්තු කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම අද(17) ප්‍රතික්ෂේප කළේය.
සාක්ෂිකරු අධිකරණයට රැගෙන ඒම පැමිණිල්ලේ වගකීම බව අවධාරණය කර සිටි මහාධිකරණ විනිසුරුවරයා අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකරන මේ රට යන්නේ කොහෙටදැයි ප්‍රශ්න කළේය.
හිටපු පොලිස්පති දේශබන්දු සමග මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා ඇති උප පොලිස් පරීක්ෂක මධුරංග නමැති සාක්ෂිකරුට මෙසේ වරෙන්තු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අධිකරණයෙන් පොලිසියට දොස්
ඔබත් මමත් අත්දකින යථාර්ථය Tuesday, 18 March 2025 05:34 AM
දීර්ඝ කාලයක් තිස්සේ පොලීසියේ ස්වාධීනත්වය පාලකයන් විසින් ඩැහැගත්තු සාමාන්‍ය මිනිසුන් සතුරන් සේ දකින, සාමාන්‍ය මිනිසුන්ට මැරයන් ලෙස පෙනෙන ශ්‍රී ලංකාවේ නීතිය රැකීමේ ආයතනයයි මේ. ස්වාධීන පොලීසියකින්, අධිකරණයකින්, රාජ්‍ය ව්‍යූහයකින් වැඩිම තර්ජනය තියෙන්නෙ ධනය, බලය අවභාවිතා කිරීමට නොලැබෙණ වරප්රසාදලත් අයටයි. උන්ට අවශ්‍යය තමන්ගේ නීතිවිරෝධී ක්‍රියා ගැන පියවර නොගන්නා පද්ධතියකුයි. එතකොට තමයි ජාතික ධනය කොල්ලකෑමට, රටේ පොදු හා පෞද්ගලික ඉඩම් මංකොල්ලකෑමට හා විවිධ අපචාර ක්‍රියා දඩුවම් නැතිව කරන්න පුළුවන්. මේවා දකින වරප්‍රසාද නැති මිනිසුන්ද ඒ නායකයින්ව අනුගමනය කරල ඒ හා සමාන මාර්ගවලින් ධනය, බලය උපයන්න පටන්ගන්නවා. කප්පම්ගැනීම, හොර අරක්කු, ගණිකා නිවාස මත්කුඩු ජාවාරම, කුලියට මිණීමැරීම, බැංකු මංකොල්ලකෑම, ස්ත්‍රී දූෂණ, ප්‍රාදේශීය චන්ඩි ඇතිවීම මේවාවල ප්‍රතිපලයි. අද අපි අත්විඳින අපේ රටේ යථාර්ථය මෙයයි. හිතල බලන්න කවුද මේවට වගකියන්න ඕන හා කවුද මේවා පිටුපස ඉන්නේ කියල.
රනේ Tuesday, 18 March 2025 07:31 AM
එයා බැරිනම් වත්මන් පොලිස්පතිවත් අල්ලමුද?
අමුඩයා Tuesday, 18 March 2025 09:09 AM
මේ රට හදන්න ලුලුවන් ලොකුම ආයතනය තමයි අධිකරණය.වැරදි කරපු එවුන් අහුවුනොත් දෙන්න ඕන ඇඩෙන්නම.ඔය රාජ්‍ය සේවයේ ලොකු ලොකු පුටුවල ඉන්න තරතම් ඉන්නේ දුෂිත නිලධාරින්. දේශපාලකයින්ට වඩා මේ රට විනාශ කලේ උන් තමයි. දන් දකුණු පළාතේ ඉන්න ආණ්ඩුකාරයත් කලින් පරිපාලන සේවයේ කෙනෙක් . එයා රජයට වඩා පරිපාලන සේවයේ දූෂිතයෝ ආරක්ෂා කරනවා. ආණ්ඩු වෙනන් වුනාට පරිපාලන සේවයේ ඉන්න අය අදටත් වෙනස් වෙලා නැහැ. ගිය ආණ්ඩුාව් හිටපු අයම තමයි මේ ඉන්නෙ. ඉතිං කොහොමද රටක් හරියන්නෙ.දකුණේ දේශපාලකයින්ටත් ඒ ගැන වගේ වගක් නැහැ.
සව්හාමිTuesday, 18 March 2025 11:20 AM
දකුනේ ආණ්ඩුකාරකම රමේෂ්ට හරි කාංචනට හරි දුන්න නම් වීට වඩා හොදයි.දැන්ම කියන්නම් ආණ්ඩුව පේල්. පුංචි චන්දෙන් වඩු හම්බ වේවි.අර අමුඩයා කියනව වගේ ්දැන් මේ රට හදන්න පුලුවන් ගරැ අධිකරණයට විතරමයි. මුං පොලීසියට වත් බය නැහැ. කොමිෂන් සභා සත පහකට ගනන් ගන්නේ නැහැ. නිසිසුරැතුමන්ලාලනි, ඉන්මනින්ම නිවන් දකින්න කැමති නම් වැරදි කාරයෝ වන අයට තරා තිරම නොබලා හැකි උපරිම දඩුවම ලබා දෙන්න. අපි වගේ අයට තියෙන එකම පිහිට ගරැ අධකරණය පමණමයි.