IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’අධිකරණය ‌නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද (26) පැවසීය.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිගනිමින් ව්‍යවස්ථාවට  අනුකූලව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂනායකවරයා මෙලෙස   හිතු හිතූ තීරණ ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුස්සක් බවට පත්වන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්  දුන්නා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසි හය වගන්තියේ මූලික අයිතිවාසිකම් පෙත්සම්  සම්බන්ධයෙන්  විභාග කිරීමේ තනි අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා.

ඒ ගැන තීරණ ලබාදෙන්නෙ පාර්ලිමේන්තුවවත් විධායකයවත්  නොවෙයි .  ඒක දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව   පත් කරන පත්වීම් තියෙනවා. පොලිස්පති ධුරයත් ඊට අයත් වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අවසන් තීරණයක් නොවෙයි.  අන්තර් වාර තීරණයක්. සිදුවිය යුත්තේ එයට ගරු කරමින් පොලිස්පතිවරයෙකු පත්කිරීමයි. ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ එය පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  පුස්සක්ද. තමන්ට හිතු හිතූ විදියට තීරණ ගන්න පුළුවන්ද. කතානායකතුමා මේ වෙලාවේ බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කරන්න ඕන. මොකද මේ ගන්න තීරණ වල පල විපාක අපි සියලු දෙනාටත් රාජ්‍ය අංශයේ  සියලු දෙනාටත් විඳින්න සිදුවෙනවා. ඒක හොඳට අවබෝධ කරගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් හිතු හිතු මතයට තීන්දු ගැනීමට ගොස්  අපි ලොකු අමාරුවක වැටෙනවා. දේශපාලනඥයෝ පිස්සු නටාවි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වලංගු නොවේ යැයි කියන්නේ කොහොමද. ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය පිළිපදිමින් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කළ යුතුයි. අතුරු තහනම් නියෝගයක් ලබපු පොලිස්පතිවරයා සිවිල් ඇඳුමෙන් ආරක්ෂක අමාත්‍යාංශයට ඇවිල්ලා පොලිසිය පාලනය කරනවා. ඒක හරිද.  එහෙම කරන්න පුළුවන්ද.

අද පාර්ලිමේන්තුවේ ශෝක යෝජනාව තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත්  ශෝක යෝජනාව ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නේ. මේ අග්‍රාමාත්‍යතුමා ගැන ලැජ්ජයි. එතුමත් මමත් රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෝ. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයා ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීරණය වලංගු  නැහැ කියනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට ගරු කරන්න.



අදහස් (3)

’’අධිකරණය ‌නොසලකා හැරියොත් රට ලොකු අවුලකට යනවා’’

ravin Friday, 26 July 2024 03:02 PM

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසළකා හැරීමෙන් රට ලොකු අවුලකට ?

:       126       26

Deepal Nirosh Friday, 26 July 2024 06:01 PM

‍පොලිස්පතිකමට වඩා අගමැතිකම ලොකුයි, අගමැතිකමට වඩා ජනාධිපතිකම ලොකුයි, ඒ හැම කමකටම වඩා ලොකුයි ලජ්ජා නැතිකම... තමනුත් ජනාධිපති පුටුවට ගියොත් තමා ඕවා තේරෙන්නේ...!

:       3       112

මොට්ටපාල Saturday, 27 July 2024 04:58 AM

සහතික ඇත්ත, විපක්ෂයේ නායක දුරදිග නොබලා මෙහෙම කියන්නෙ ජනාධිපති තනතුර නොලැබෙයි කියලා හිතාගෙනද කියලා අහන්න වෙනවා සුනාමි ආධාර ගැන සිල්වා මහතා දෙවරකදී කියූදේ සිහියට ගන්න විපක්ෂයේ නායකතුමා,මොන තනතුරක් දැරුවත් ඔක්කොමලා මිනිස්සු මිස කිසිවෙක් රහත්වෙලා නැති පෘතග්ජනයෝ කියලා තේරුම් ගැනීමට උත්සාහ කරන්න

:       1       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site