
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න)
වැලිගම පැලෑණ හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමානාඩ් භාරයේ තැඵීමට නියෝග කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම නඩුවේ 9 වන සැකකරු වශයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා නම් කිරීමට අවසර ලබා දුන්නේය.
මෙම සිද්ධීයේ දී වෙඩි වැදීමෙන් මරුමුවට පත්වු පොලිස් සැරයන්වරයාට හීටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක වන්දි මුදලක් ලබා දී ඇති බවත් එය ඔහුගේ පුද්ගලික මුදලින් නොව මහජන මුදලින් ලබා දී ඇති නිසා කුමන අරමුණක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත්ද යන්න හීටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගත යුතුව තිබෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහත් කියා සිටියේය.
මීට පෙර අධිකරණය මගින් ඇප ලබා දී තිබු කොළඹ අපරාධ කොට්‌ඨාසය හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා,පොලිස් පරීක්ෂක එම්.ආර්.දුනුසිංහ,උප පොලිස් පරීක්ෂක රොෂාන් මදුරංග,සැරයන් 69480 ප්‍රසන්න කුමාර,කොස්තාපල් 2204 ප්‍රියනාත් හා පොලිස් කොස්තාපල් රියදුරු දුලීප් ගිහාන් පියතිස්ස යන සැකකරුවන් හය දෙනා ද සැකකාර පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සමග විත්ති කූඩුවට ගොඩ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙට් එකටම වැඩ වරදින්නයි යන්නේ. සිංහලෙන් කතාවක් තියනව “වැරදි විදියට අවි ගත්තොත්, විනාස වෙති” කියල. ඒ කියමන සත්‍යක් වෙන්න යන තවත් අවස්ථාවක්.
නඩුවේ විස්තර අහන් ඉන්නකොට කරලා තියන් වැඩ ගැන අහනකොට දැනගන්න ලැබුනේ මාකදුරේ මදුෂ් ලාටත් වඩා බයානක සන්විදනාත්මක අපරාද කාරයෙක් කියලා , රනිල් තව අවුරදු 5ක් මේරටේ ඉහලම පුටුවේ හිටියනම් ලංකාව තවත් සදාම් හුසේන් ලගේ කාලේ තිබ්බ ඉරාකයක් කරලා යන්නේ
අධිකරණය සහ මාලිමාව මාර සහයෝගයෙන් වැඩ කරන්නේ