
(අංජුල මහික වීරරත්න)
අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවකට ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහි සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය නිරීක්ෂණයට ලක් කළේය.
මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත වන බවත් සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි ඉලෙක්ට්‍රොනික උපකරණ සහ දියුණු රට වල අධිකරණ පද්ධතියන් හි දැකගත හැකි අධිතාක්ෂණික උපකරණ වලින් සමන්විත බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.
නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද මහත්ම මහත්මීහු ද මෙම නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ ඉන්න ඕනේ කෙනෙක්...!
සාක්කි කුඩුවට නොවෙයි ...ඉතාම නුදුරු අනාගතයේ දවසකදී දුෂිතයින් "විත්ති කුඩුවේ" දැකගන්න පුළුවනි...
පාර්ලිමේන්තුවේ 225න් වැඩි දෙනෙක් හරි නම් ඉන්න ඕනෑ ඔතැන තමයි.
දූෂිත පවුල් පාලකයින් බලයේ හිටපු කාලේ ගහපු ඩීල්වල හැටියට හරි නම් විත්ති කූඩුවේ ඉන්න ඕනෑ කෙනෙක්...
ඔයා වගේ හිරකූඩුවේ ඉන්නයි. පෝරකේට නගින්නත් කල් ඇතුව පුහුණුවක් ගත්තා නම් හොඳ නැද්ද?