IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිකරණ ඇමති සාක්කි කූඩුවට

(අංජුල මහික වීරරත්න)

අභිනවයෙන් ඉදිකරන ලද කොළඹ වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නිරීක්ෂණ චාරිකාවකට ගිය අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එහි සාක්ෂි කූඩුව වෙනුවට ස්ථාපිත කර තිබූ සාක්ෂි ලබාදීමේ ආසනය නිරීක්ෂණයට ලක් කළේය.

මෙම වාණිජ මහාධිකරණයේ අංක 01 උසාවිය නවීණ තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත වන බවත්  සූම් තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීමට හැකි  ඉලෙක්ට්‍රොනික උපකරණ සහ දියුණු රට වල අධිකරණ පද්ධතියන් හි දැකගත හැකි අධිතාක්ෂණික උපකරණ වලින් සමන්විත බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කීය.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ සභාපති මහේෂ් කටුලන්ද  මහත්ම මහත්මීහු ද  මෙම නිරීක්ෂණ චාරිකාවකට එක් වූහ.



අදහස් (6)

අධිකරණ ඇමති සාක්කි කූඩුවට

Sachith Friday, 29 December 2023 07:32 PM

හිරේ ඉන්න ඕනේ කෙනෙක්...!

:       2       2

විජිත් Saturday, 30 December 2023 05:40 AM

සාක්කි කුඩුවට නොවෙයි ...ඉතාම නුදුරු අනාගතයේ දවසකදී දුෂිතයින් "විත්ති කුඩුවේ" දැකගන්න පුළුවනි...

:       2       4

Nimal Saturday, 30 December 2023 09:06 AM

පාර්ලිමේන්තුවේ 225න් වැඩි දෙනෙක් හරි නම් ඉන්න ඕනෑ ඔතැන තමයි.

:       1       3

විපරමා Saturday, 30 December 2023 06:36 PM

දූෂිත පවුල් පාලකයින් බලයේ හිටපු කාලේ ගහපු ඩීල්වල හැටියට හරි නම් විත්ති කූඩුවේ ඉන්න ඕනෑ කෙනෙක්...

:       0       0

chandima Sunday, 31 December 2023 06:41 AM

ඔයා වගේ හිරකූඩුවේ ඉන්නයි. පෝරකේට නගින්නත් කල් ඇතුව පුහුණුවක් ගත්තා නම් හොඳ නැද්ද?

:       0       1

මිස්ටර් අලුගොෂ් Sunday, 31 December 2023 10:29 PM

පුහුණුවක් අවශ්‍ය නැහැ චන්දිම.චන්දෙ ඉවරවෙලා ,මේකා කරපු අසික්කිත වැඩ වලට ,අනිවාර්යයෙන්ම බෙල්ලෙන් අල්ලාගෙන ගිහින් ඒ වෙලාවෙම එල්ලනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site