(අංජුල මහික වීරරත්න)
ගොවීන් විසින් ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන එන එළවළු හා පළතුරු මිල දී නොගන්නා ආර්ථික මධ්‍යස්ථාන වල වෙළෙන්දන්ගේ බදු බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අතරමැදියන් නොමැතිව ගොවීන් විසින්ම තම එළවළු හා පළතුරු ආර්ථික මධ්‍යස්ථාන වෙත ගෙන ඒමේ දී එහි අලෙවි සැල් අයිතිකරුවන් එම නිෂ්පාදන ඝෘජුවම මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට පැමිණිලි ලැබී තිබිණි.
අතරමැදියන් පිරිසක් ගොවි ජනතාව මෙන්ම පාරිභෝගිකයින් ද සූරා කෑමේ වැඩ පිළිවෙළක් ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක කරවන බවටද අමාත්‍යවරයාට පැමිණිලි ලැබී ඇත.
මෙම තත්ත්වය වලක්වා ගොවියා හා පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගොවීන්ට කිසිදු අතරමැදියකුගේ සහයෝගය නැතිව තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි කිරීම සඳහා අවස්ථාව කඩිනමින් සලසන බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
ගොවි ජනතාවට හා පාරිභෝගික ජනතාවට සහනයක් ලබා නොදෙන ආර්ථික මධ්‍යස්ථාන අලෙවිසැල් වල බලපත් අහෝසි කර ඒවා වෙනත් අයට පැවරීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට සියලු ආර්ථික මධ්‍යස්ථානවල බාරකාරත්වය ජනාධිපතිවරයා විශේෂ ගැසට් පත්‍රයක් මගින් කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරනු ලැබ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් එත්, හොඳින්ම දන්නවානේද යටින් යන මාෆියාව හා පිටපස්සෙ ඉන්න රට පාලුව්න් ගැන. ඉස්ස ඉස්සෙල්ලාම ක්‍රමවෙදයක් හදන්න ඔන ඔය පාලුවන් ටික මදනය කරන්න. ඊට පස්සෙ වැඩේ සාර්තක වෙවි.
ගොවියාගෙන් අඩු මිලට ලබා ගන්නා එළවළු පාරිභෝගිකයා අතට යන විට අධික මිලක් වන බැවින් ගසා කන අතරමැදියන් ඉවත්කර සහනයක් සැලසීමට පියවර ගත යුතුය.
අතරමැදියන් කියන්නේ එකට එකක් ලබාගන්න අය. ඔවුන් වගා කරන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. නිකන් ලාබ ගන්නවා. මොවුන් ගොඩක් වෙලාවට දේශපාලඥයින්ට සම්බන්ධයි...