(අංජුල මහික වීරරත්න)
වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ප්‍රතිපාදන දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මෙම වසර ඇතුලත අදාල ව්‍යාපෘති අවසන් කිරීමට අපේක්ෂා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය .
කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා නතර වී තිබූ නිවාස ණය සහ ආධාර වැඩසටහන් යළි ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන මේ වනවිටත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සහ නාගරික සංවර්ධන අධිකාරියට ලබා දී ඇති බවද ඇමතිවරයා සඳහන් කළේය.
ශෙහාන් සේමසිංහ අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සින්නක්කර ඉඩම් ඔප්පු හා ණය චෙක්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd