(දයාසීලි ලියනගේ)
හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය අංශවල වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන පිරවුම් හල් වෙනම නම් කිරීමට රජය තීරණය කර ඇත.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ඉන්ධන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබූ අතර ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තිරණය ගෙනඇත.
හිටපු ඇමැති දයා ගමගේ මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පවත්වා ඇත.
සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ පවතින තෙල් පිරවුම්හල්වලින් මෙම අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණින් රට පාලනය කරනකොට පොදු මහජනතාවට විඳවන්න වෙනවා.
අවස්ථාවේ හැටියට කමක් නෑ.. හැබැයි ලංකාවේ හැමදාම වරද්දා ගත්තු දේ තමයි අත්‍යාවශ්‍ය සේවා හැටියට හමුදාව, පොලිසිය සහ සෞඛ්‍යය විතරක් කියලා හිතපු එක. රටක හැමදෙනාම අත්‍යාවශ්‍ය සේවකයෝ. ගොවියෝ, රටවිරුවෝ, ගුරුවරු, ඉංජිනේරුවෝ, නීතීඥයෝ හැමෝම අත්‍යාවශ්‍යයි..!
දයා ඔයා මහජන බැංකුවට ගෙවන්න තියෙන බිලියන 3 ගෙවන්නේ කවද්ද? එතකන් මේ හොරාට රජයේ කටයුතුවලට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවද?