(ආනන්ද ඉ ජයකොඩි)
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් එකොළහක පදිංචි ජනතාවට හෙට(28) සිට දින තුනක් සයිනොෆාම් එන්නත් ලබා දීමේ තීරණය හදිසියේ අවලංගු කොට ඇති බව අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සංවිධානයෙන් හෙට (28) සිට දින තුනකදී ග්‍රාම සේවා වසම් එකොළහක පදිංචි ජනතාවට සයිනොෆාම් එන්නත් ලබා දෙන බවට එම ජනතාව දැනුම්වත් කොට තිබිණ.
එන්නත් ලබා දීම අත්හිටුවා ඇත්තේ ඇයි දැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා කියා සිටියේ හදිසියේම අද දහවල් එන්නත් ලබා දීම අත්හිටුවා ඇති නමුත් හේතුව තමන් නොදන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනුවත් කළා කිව්වට අපි දැනුවත් නැහැ.
අපිත් ඉන්නේ අත්තනගල්ලේ, ඒත් අපිව දැනුවත් කලේ නැහැනේ.
ඡන්ද ගුන්ඩුවක් වගෙයි බයවෙන්න එපා ඊළඟ ඡන්දය අල්ලලාම දෙයි.
කොරෝනා වෛරසය ශරීර ගතවී සුවපත් වූවන් සඳහා එක එන්නතක් ලබාදීමට මේ වනවිට බටහිර රටවල් තීරණය කර ඇත..
මන්ත්‍රිලගේ ගෝල බාලයින්ට හෙන්චයියන්ට තුන්ඩු දීලා එන්නත ගස්සවාගන්න වෙන්න ඇති නවතම සැලැස්ම.
කොහොමටත් රාජපක්ෂවරුන් පාර්ලිමේන්තුවට යවපු දිස්ත්‍රික්කවලටනේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ....