IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඩි උස දාන්නේ බලාගෙනයි

විලාසිතා කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ කාන්තාවන්. මොකද පිරිමි පාර්ශවයටත් වඩා කාන්තා පාර්ශ්වය විලාසිතා කෙරහෙි ඇති නැඹුරුව වැඩිය. කාලෙන් කාලෙට වෙනස්වන, අලුත් වන විලාසිතා සමග අපේ ගැලපීම කෙතරම්ද යත් ඒවායින් අපේ සුවතාවද එපරිදිම රැකිය යුතුවේ. කුමන හෝ විලාසිතාවක් නිසා අපේ සෞඛ්‍යයට අවදානමක් වේද දෙවරක් නොසිතාම එය අත්හළ යුතුමය.

අඩි උස පාවහන්, සපත්තු පැළැඳීමත් අද වනවිට ජනප්‍රිය කාන්තා විලාසිතාවකි. කාන්තා පාර්ශවයෙන් බොහෝ දෙනකුම අඩි උස සපත්තු පැළැඳීමට, රුචිකත්වයක් දක්වති. ඒත් එහි අවාසිය, ඔබට මුහුණ පෑමට සිදුවන ගැටලුකාරී අවස්ථා, රෝගී තත්ත්ව ගැන ඔබ මොහොතකටවත් සිතුවාද?

ඔබට මනා පළපුරුද්දක් නැත්නම්, සිරුරේ සමබරතාව රැක ගැනීමට අපහසු නම් කිසිසේත්ම අඩි උස පාවහන් පැළැඳීම සුදුසු නැත. ඔබගේ ශරීරයේ උස,බර ගැන අවධානය යොමු කරන්න.

මන්ද අඩි උස පාවහන් පැළැඳගෙන ඔබට දිගු දුරක් පා ගමනින් ගමන් කිරීම ඇතැම් විට ඔබගේ දෙපාවලට මහත් වෙහෙසකාරී ගතියක් දනවනු ඇත. එසේම අඩි උස පාවහන් පැළැඳ ගමන් කරන විට කිසියම් මොහොතකදි හෝ සිරුරේ සමබරතාව ගිලිහී ගිය ගමන්ම ඔබව ඇද වැටීමට පුළුවන. එවිට දෙපාවලට පමණක් නොව,කොන්දේ පවා අස්ථි බිඳී යාමට ලක් වීමට පුළුවන.

ඇතැම් විටෙක උස අඩිය අපේ දෙපාවලට අනවශ්‍ය පීඩනයකි. දෙපාවල වේදනාවට ශරීරයේ ස්ථායිතාවට මෙමගින් බලපෑම් එල්ල වේ. සමතලා මාර්ගයකටත් වඩා අපේ මහා මාර්ග ගැටි, වලවල් ආදියෙන් යුතු බැවින් දෙපාවල අස්ථි සේම මාංශපේශීන්වලටද එවන් නුහුරු ඇවිදීම ගුණදායී නොවේ. එය ඉතාම අනතුරුදායී පෙරනිමිත්තකි.

යම් හෙයකින් අස්ථියක් හෝ මාංශපේශියක් තැළුණු විටෙකදී ඒවා යථා තත්ත්වයට පත් වීමට බොහෝ කාලයක් ගත වේ. අඩි උස පාවහන් පැළඳ දිනපතා රාජකාරියට යන කෙනකු නම් සිරුරට අනවශ්‍ය පීඩනයක් එල්ල වී කොන්ද අමාරු පවා ඇති වීමට පුවවන. දරා ගත නොහැකි අඩි උසකට වඩා තමාට සමබරතාව රැක ගත හැකි පහසු පාවහන් පැළැඳීම යෝග්‍යය. එසේ නොවුණහොත් වාහනයකට නැගීමේදී හෝ බැසීමේදී, පඩි පෙළක ගමන් කිරීමේදී හෝ ඔබ ඇද වැටී අනතුරකට භාජන වීමට පුළුවන. මේ දිනවල කඩින් කඩ වැසි ඇති වීම නිසා මහා මාර්ග වුවද ලිස්සන සුළු වීමෙන් ඔබ විශේෂ අවධානයක් මේ සම්බන්ධයෙන් ලබා  දිය යුතුය. එනිසා හැම තත්පරයකම ඔබගේ සුවතාව වෙනුවෙන් සිතන්න, කටයුතු කරන්න. ක්‍රියාත්මක වෙන්න.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

අඩි උස දාන්නේ බලාගෙනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 162 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site