(අංජුල මහික වීරරත්න)

අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .

පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතය. 

 කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය කලාකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.

මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.75 වන නිදහස් දින උත්සවය නිමිත්තෙන් මෙම නිවාස ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.