IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අටවැනි වසරටත් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ සෙලින්කෝ ලයිෆ්

අභියෝගාත්මක නමුත් ඵලදායී වසරක් වූ 2021 සාර්ථකව අවසන් කරමින් සෙලින්කෝ ලයිෆ් සමාගම ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ලැබූ ප්‍රමුඛ කාර්ය සාධනය නිමිත්තෙන් වර්ල්ඩ් ෆයිනෑන්ස් සඟරාව විසින් ‘ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා’ ලෙස අඛණ්ඩව අටවැනි වරටත් එම සමාගම සම්මානයට පාත්‍ර කරනු ලැබ ඇත.

ඔප්පු හිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා සිය සමස්ත ක්‍රියාවලි, කාර්යක්ෂමතාව සහ සබඳතා අඛණ්ඩව වැඩි දියුණු කිරීමට කැපවී සිටින සංවිධානයක් ලෙස සෙලින්කෝ ලයිෆ්, ‘වර්ල්ඩ් ෆයිනෑන්ස් ග්ලෝබල් ඉන්ෂුවරන්ස්’ සම්මානය පිරිනැමීම මගින් පිළිගැනීමට ලක්ව ඇත. මෙම සම්මානයට පදනම් වී ඇත්තේ මූල්‍ය කර්මාන්තය, ජාත්‍යන්තර ව්‍යාපාර සහ ගෝලීය ආර්ථිකය විශ්ලේෂණය කරන එක්සත් රාජධානිය පදනම් කරගත් වර්ල්ඩ් ෆයිනෑන්ස් ජාත්‍යන්තර සඟරාව මගින් සමාගමේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වයේ බහුවිධ අංශ තක්සේරු කිරීම ය.

“සමාගම මුහුණ දෙන සෑම අභියෝගයක් තුළින්ම නව අවස්ථාවක් සොයන සංස්කෘතියක් මගින් සෙලින්කෝ ලයිෆ් මෙහෙයවනවා” යැයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා අදහස් දක්වමින් පැවසීය. ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවැසීය. “වසංගතය නිසා අපට, අඛණ්ඩ පැවැත්ම පමණක් නොව, පාරිභෝගික සහ සේවක ආරක්ෂාව සමතුලිතව පවත්වා ගනිමින් නිෂ්පාදන හා සේවා සඳහා බාධාවකින් තොරව ප්‍රවේශ වීම පිළිබඳවත්, හිමිකම් කඩිනමින් පියවීම, නව නිෂ්පාදන සංවර්ධනය, රක්ෂණ ඔප්පු හිමියන්ගේ ප්‍රතිලාභ සහ ප්‍රජා සබඳතා වර්ධනය සඳහා විශේෂයෙන් සැලකිලිමත් වීමට සිදු වුණා. 2020 සහ 2021 වසරවල දී අපි මෙම සියලු අංශ තුළ සුවිශේෂී අනුකූලතාවක් ලබා ගැනීම අපගේ සියලු පාර්ශ්වකරුවන් තුළ විශ්වාසයක් ඇති කරවන්නට සමත් වුණා.”

සෙලින්කෝ ලයිෆ් පසුගිය වසර අට තුළ මෙම සම්මානය දිනාගත් ශ්‍රී ලංකාවේ එකම ජීවිත රක්ෂණ සමාගම වන අතර, එය මූල්‍යමය සෞභාග්‍යය පමණක් නොව, කාර්යක්ෂමතාවය, සමස්ත ක්‍රියාවලි කළමනාකරණය සහ පාරිභෝගික සම්බන්ධතා යන අංශවල නව්‍යකරණය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.



අදහස් (0)

අටවැනි වසරටත් ‘හොඳම ජීවිත රක්ෂණ සමාගම’ සෙලින්කෝ ලයිෆ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site