(අංජුල මහික වීරරත්න)
ලෝක පූජිත අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ පැය 12ක් රස්තියාදු කිරීමට වගකිවයුතු නිලධාරීන් පිළිබඳ පරීක්ෂණයක් පවත්වා දඬුවම් ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් 31 වැනිදා අලුයම බැංකොක් නුවර බලා යෑමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටිය ද උන්වහන්සේ නියමිත ගුවන් යානය වෙත රැගෙන නොයාම හේතුවෙන් පැය දොළහකට අධික කාලයක් එහි රස්තියාදු වීමට සිදු වූ අතර පසුව මැලේසියාව බලා පිටත්ව යන වෙනත් ගුවන් යානයකින් පිටත්කර යවා තිබිණි.
අදාළ සිද්ධිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සැලවීමෙන් අනතුරුව ඒ ගැන සොයා පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.
ලෝකයම පිළිගත් මහා තෙර නමකට සිදු වූ අපහසුතාවය වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඊට වගකිව යුත්තන්ට විනය පියවර ගැනීමට තමා දැනුම් දුන් බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඕක මහ ලොකු දෙයක් නෙමෙයි! උන්වහන්සේ උපෙක්ෂා සහගතව සිතා මේ වනවිටත් අමතක කරලා ඇති. අගමැති ඇතුළු සෙට් එක කරදරයක් නැතිව වැඩම කරපු එකම කොයිතරම් දෙයක්ද? සමහර විට වගකිවයුතු නිලධාරීන් සිතාමතා පවුකාරයින්ගෙන් උන්වහන්සේව වෙන්කර වෙනත් අහස් යන්ත්‍රයකින් යවන්ට ඇති. කවුද දන්නේ මොන හෙන පාත්වෙයිද කියලා?
එතකොට බොරලුගොඩට මොකද කරන්නේ? යමක් කමක් කරගන්න බැරි, නෝන්ජල් නිලධාරියෙක් මේ කේස් එකට දංගෙඩියට යවයි. බැංකු හොරාගේ ලේකම් කාරයා මේ ගැන ශෝකය පලකරලාලු. අජාන් බ්‍රහ්මවංශ ස්වාමීන් වහන්සේ මනස ගොඩක් දියුණු කරපු උතුම් යතිවරයෙක්. සමහරවිට, උන්වහන්සේට අවශ්‍ය වුණානම් මේ හොර රංචුවට වැඩක් පෙන්වන්න වුණත් හැකියාව ඇති. උන්වහන්සේ හිතන්න ඇති..." මේ හිඟන හැත්තට පාඩමක් උගන්වන්න ගිහින් මම ඇයි පව් පුරවාගන්නේ.. ඔන්න ඔහේ ගියාවේ" කියලා. අද වගේම හෙටත් ...ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමන්ගේ අශෝභන, අසික්කිත, ක්‍රමවේදයන් දිගටම කරගෙන යාවි.
මොන විනය පියවරද? නිලධාරින්ට කලින් අනික් අය ප්‍රමාද කරලා ඒ වෙලාවේ රට ගිය දේශපාලුවන්ට විනය පියවර ගන්න. මේක මෙතැනින් ඉවරයි. අපි නොදන්නා ලංකාවේ විනය?
රුසියානු ගුවන්යානාවට කළ වැඩේ දෙවෙනි කොටස මේ. රාජකාරි කරන අමුතු පොරවල් ටිකක් ඉන්නවා වගේ මොනම හේතුවක් හරි මුල් කරගෙන රටට අපකීර්තියක් ගේන්න සහ ප්‍රශ්න ඇති කරන්න...
නිලධාරීන් එහෙම කළේ කවුරු නිසාද? දේශපාලකයින්ට නම් දඬුවම් එපා...
රාජ්‍ය ආයතනවල වැඩකරන ගොඩක් අප්පුහාමිලා/ හාමිනේලා ලෝකෙ, රටේ වැදගත් මිනිස්සු ගැන දැනීමක් ඇති අය නොවේ...
අගමැති ඇතුළු අනිත් පිරිස තමයි වගකිව යුත්තෝ...!
අපේ රට ගැන නම් කථා කරල වැඩක් නැ! ගුවන් තොටුපල කියන්නේ රටේ තියෙන එපාම කරපු ආයතනයක් - මේවා විකුනල හරි මනුෂ්‍යයන්ට සේවය කිරීමට සුදුසු ආයතන බවට පත් කරන්න!
අනේ මොවුන්ගේ පරීක්ෂණ? හොරෙන් බඩුගේන ඇමැතිලත් යහතින් තියාගෙන ඉන්න පිනාධිපති... දුර්වල නායකයින් පත් වුණාම ඔහොම තමයි.
බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් මහණදම් පුරන්නට තීරණය කළේ ධර්මය ගැන පැහැදීම නිසා මිස මහණවෙලා දායකයින්ගේ උදව්වෙන් රජ මාලිගා තනාගෙන රජ සැප විඳින්න නෙවේ. උන්වහන්සේ ලොවපුරා ධර්මප්‍රචාරක කටයුතුවල නියැලී ඉන්නා කාගේත් ගෞරවාදරයට ලක්වූ භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ උපේක්ෂා ගුණය මැනවින් ප්‍රගුණ කර ඇති බැවින් අපේ සමහර භික්ෂුන් වහන්සේලා මෙන් මෙවන් අවස්ථාවකට මුහුණදීමේදී අනවශ්‍ය ආකාරයට කලබල වන්නට නැතුවා ඇති.