(මංගල එදිරිසිංහ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ තරුණ මවක සහ ඇගේ මාස 11ක සිඟිති දියණිය අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
ඇගේ සැමියා රැකියාව සඳහා නිවෙසින් පිටවත් ගොස් ඇති අතර ඔහු එදින සවස 6.30ට පමණ රැකියාව නිමවා නිවෙසට පැමිණ සොයා බැලීමේදී බිරිය සහ දියණිය නොසිටි නිසා කලබලයට පත් ව අසල්වාසීන්ට ද මේ බව පවසා ඇත.
ඉංගිරියේ ප්‍රදේශයේ සිටින බිරියගේ මව්පියන්ට ද කතා කර සොයා බැලුව ද ඔවුන් නොපැමිණි බව දන්වා ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසිය පොලිස් සුනඛයන් යොදා සිදු කළ පරීක්ෂණයේදී අතුරුදන් වූ කාන්තාවගේ ළඟම ඥාතියකුට අයත් ත්‍රිරෝද රථයක් අසල ගොස් නතර වී ඇති අතර ප්‍රශ්න කිරීම සඳහා ඔහු පොලිස් බාරයට ගත් බව ද පොලිසිය සඳහන් කරයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අඟුරුවාතොට මවක සහ දියණියක ආගිය අතක් නෑ
Bunny Preena Saturday, 22 July 2023 10:09 AM
ආගමික වැඩසටහන්වල අඩුවකුත් නැහැ. මිනීමැරුම්, මංකොල්ලකෑම්, සොරකම් වැනි අපරාධවල අඩුවකුත් නැහැ. කොහේහරි ලොකු වරදක් තියෙනවා.